2024.01.22 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.15
රාහු කාලය - උදේ 07.56 - 09.25
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ වගකීම් වැඩි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

වෘෂභ

විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විනෝදයට සිත ඇදී යන දිනයකි.

මිථුන

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.

කටක

අමතර කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. වගකීමකින් නිදහස සැලසෙන දිනයකි. යටපත් වූ සෙම් රෝගයකින් පීඩා විඳීමට සිදුවෙයි.

සිංහ

අමතර ගමන් බහුල කරයි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට ඉඩකඩ ඇති දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. වරින් වර ඇති කරන වාත වේදනාවකින් පීඩා අත්කරයි.

තුලා

පොරොන්දු ගිවිසුමක් වෙනස්කිරීමට සිදුවන දිනයකි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ආගමික භක්තිය දනවන කටයුතු කීපයක් යෙදේ.

වෘශ්චික

යටපත් වූ අසනීපයක් නැවත මතුකරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි. නිතර කේන්තියන ස්වභාවයකින් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමානුකූල ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරයි. හිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මකර

විදෙස් ගමනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර සිතේ කලබල ගතියෙන් යුතුව කටයුතු කරයි.

කුම්භ

එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු සම්බන්ධ අපිළිවලක් ඇති කරයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

මීන

සිතේ පී‍්‍රතියට කරුණු ඇති කරයි. සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙනේ. සතුරු කරදරයකින් පීඩා විඳීමට සිදුවේ. විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.