2024.01.16 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 16, 2024
 
ඉර උදාව - පෙ.ව. 06.27 
ඉර බැසීම - ප.ව. 06.13 
රාහු කාලය - සවස 03.16 - 04.45
සුබ දිශාව - උතුර  
 
මේෂ 
නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු දිනයකි. හදිසි ආදායම් මාර්ගයකටද හිමිකම් ඇති බවක් පෙනේ. 
වෘෂභ 
පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. පුණ්‍ය කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. සෙම් රෝග බහුල කාලයක් වන බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වන්න. 
මිථුන 
පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. 
කටක 
වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ.  
සිංහ 
පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. 
කන්‍යා 
හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. විශ්වාස බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. පී‍්‍රතිමත් ගමනක් වෙනුවෙන් කටයුතු  සූදානමක් ඇති කර ගනී. 
 තුලා 
හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. කලකින් නොදුටු හිතවතකුගේ මුණ ගැසීමක් සිදුකරන දිනයකි.  
වෘශ්චික 
පවුලට අලුතින් සම්බන්ධ වූ ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුතාවයක් දක්වන දිනයකි.
ධනු 
නිතර දරුවකුගේ කටයුතු කෙරෙහි විමසිල්ලෙන් පසුවන්න. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. සමිති සමාගම්වල මුලසුන ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. 
මකර 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. පැවැති ආදායම් මාර්ගවලට  අවහිරතා මතු කරයි. ළඟින් ඇසුරු කරන කෙනකු සමඟ සිත් නොහොඳකමකට කටයුතු සැලසේ. අතක ආබාධයකට හේතු ඇති කරන දිනයකි. 
කුම්භ 
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි නිරතවන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. 
මීන 
පවුලේ වගකීම් කීපයක් තමාපිට පැවරේ. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.