2024.01.07 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 7, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.24
ඉර බැසීම - ප.ව. 06.09
රාහු කාලය - සවස 04.40 - 06.09
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙනේ. වෙනදාට වඩා වගකීම් වැඩිකරන දිනයකි.

මිථුන

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වගකීම් බහුලවන දිනයකි.

කටක

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හදිසි දේපළ ගනුදෙනුවකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

සිංහ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

කන්‍යා

පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

තුලා

වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

තීරණ වෙනසක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

ධනු

ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. තමාට ප්‍රශංසා හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

මකර

ළඟම හිතවතකු නිසා සිදුවෙන්න ගිය අලාභයක් මඟහරවා ගැනීමට හැකිවෙයි. තීරණයක් වෙනස්කිරීමට සිදුවන දිනයකි. දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ

මුදල් අඟහිඟතා මතුකරන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙනදාට වඩා සමාජ ඇසුරට කටයුතු උදා කරයි.

මීන

පැවැති අසනීපකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.