2024.10.21 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - උදේ 07.26 - 08.56
සුබ දිශාව - දකුණ

 

මේෂ

නිර්මාණාත්මක කටයුතුවලට යොමුවන දිනයකි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

විශේෂ කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. පවුලේ සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත.

මිථුන

විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. නිවෙසින් බැහැරව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.

සිංහ

අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කන්‍යා

ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. විශේෂ කටයුත්තකට අත ගැසීමට මඟ සැලසේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

තුලා

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘශ්චික

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි.

ධනු

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මකර

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

කුම්භ

වැඩිහිටි ආශිර්වාද හිමි කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

මීන

පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. සමාජයේ කැපී පෙනෙන දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිතයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.