2024.08.22 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.23

රාහු කාලය - 1.45 - 3.18

සුබ දිශාව - උතුර

 

මේෂ

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. අමතර වගකීම් බහුලව යෙදේ. හදිසි තීරණයකින් සාර්ථක ප්‍රතිපල ලැබෙන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිත මිතුරන් ඇසුරට යොමු වේ.

මිථුන

යන එන ගමන් බිමන්වලදී සැලකිලිමත් වන්න. වෙනදාට වඩා උදාසීන ගතියකින් කටයුතු කරන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයට යොමු වන්නට සිදුවන දිනයකි.

කටක

ගත මෙන්ම සිත සසල වන කරුණු ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකළ යුතු දිනයකි. හදිසි ගනුදෙනුවකට අවස්ථාව සැලසේ.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් වන දිනකි. විශ්වාසය බිඳ වැටීමකට මුහුණ දීමට සිදුවිය හැකිය. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණට ලක් විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

කන්‍යා

දුරදිග සිතා බලා තීරණ ගත් යුතු දිනයකි. නිවෙසේ උත්සව කටයුත්තකට අවස්ථාට උදා වේ. වගකීම් බහුල වන දිනයකි.

තුලා

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ කෙනකු සම්බන්ධව සුබදායක පුවතක් අසන්න ලැබෙනු ඇත. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

වෘශ්චික

විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති දිනයකි.

එහෙත් ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත. වයසින් බාල අය සමඟ වැඩි ඇසුරට කටයුතු යෙදෙන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් දිනයකි. අවිවේකී බව මඳක් මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරගෙන යෑමට අවස්ථාව උදා වේ.

මකර

අතමිට මුදල් ගැවසුණ ද වැයපස අධික දිනයකි.

නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇත. සෙම් රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් බිමන්වලදී සැලකිලිමත් වන්න. ඥාති සබඳතා අලුතින් ඇති වීසට කටයුතු සැලසේ.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරන දිනයකි.

අලුත් ඥාති මිත්‍රාදීන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. විශේෂ ගමනකට සූදානම් වන දිනයක් බව පෙනේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.