2024.08.21 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 21, 2024
2024.08.21 බදාදා 
ඉර උදාව - පෙ.ව. 06.04 
ඉර බැසීම - ප.ව. 06.23 
රාහු කාලය - උදේ 12.13 - 01.46
සුබ දිශාව - දකුණ  
 
මේෂ 
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වේ. සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි. 
 
වෘෂභ 
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූවන් මිතුරුවීමට අවස්ථාව උදාකරයි. 
 
මිථුන 
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. 
 
කටක 
සැනසිලිදායකව  දවස ගෙවී යයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. 
 
සිංහ 
පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දවසකි.  දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති විය හැකිය.
 
කන්‍යා 
ශාරීරික වෙහෙසීම් අධික දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩ කටයුතු පවා තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි. 
 
තුලා 
ගතට සිතට අසහනකාරී බවක් ගෙනෙයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමෙන් අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබෙයි. 
 
වෘශ්චික 
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පත් වෙයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදු විය හැකිය.
 
ධනු 
ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යා හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
මකර 
වැයපස අධික වන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි. 
 
කුම්භ 
පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි. 
 
මීන 
පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.