2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා 
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 05.56 
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ 
 
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි. 
 
වෘෂභ 
සහෝදරාදීන්ට හිතවත් ය. ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි. 
 
මිථුන 
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි. 
 
කටක 
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. 
 
සිංහ 
යන එන තැන ප්‍රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. 
 
කන්‍යා 
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි. 
 
තුලා 
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. 
 
වෘශ්චික 
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු  සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. 
 
ධනු 
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි. 
 
මකර 
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි. 
 
කුම්භ 
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි. 
 
මීන 
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.