2024.09.14 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - උදේ 09.03 - 10.35
සුබ දිශාව - දකුණ

 

මේෂ

ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ඇසුරු කරන අය සමඟ සුහදතාවය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි.

මිථුන

ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත. පොත පතට ආශාවක් ඇල්මක් දක්වයි.

කටක

අතමිට මුදල් ගැවසෙන දිනයකි. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම යහපත් වේ.

සිංහ

අරපිරිමැස්මෙන් කටයුතු සිදු කරයි. ආර්ථික අපහසුතා යෙදෙන බවක් පෙනේ. අලුත් හිතවතුන්ගේ ඇසුරට කටයුතු යෙදේ. වගකීම් බහුල කරයි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. සමාජ ගෞරවය හිමිකරන දිනයකි. ගේ දොර අලංකාරයට කටයුතු යෙදෙන බවක් පෙනේ.

තුලා

පි‍්‍රයමනාප ගතිපැවැතුම් ඇති කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු උදා කරයි. එදිනෙදා කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

වෘශ්චික

බොහෝ දෙනා සමඟ එකතු වී වැඩ ආරම්භ කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

ධනු

යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු සිදු කරන දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මීන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුත්තක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.