2024/ 09/12 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 12, 2024

 

ඉර උදාව පෙ.ව. 06.02
ඉර බැසීම ප.ව. 06.13
රාහු කාලය දවල් 01.38 - 03.10
සුබ දිශාව – උතුර

මේෂ

විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. සෙම් රෝග, හිස ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි බවක් පෙනේ. ආහාරපාන ගැන සැලකිලිමත්විය යුතු දිනයකි.

වෘෂභ

නැතිවූ දෙයක් නැවත හිමිකරයි. තැන්පත් ධනය වැයවන කටයුත්තක් යෙදීමට ඉඩ ඇත. වගකීම් බහුල වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

මිථුන

සැනසිලිදායක ලෙස දවස ආරම්භ කරයි. අලුත් දේ කියවීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට කටයුතු උදාකරයි.

කටක

ගත සිත වෙහෙස කරන කටයුතු අධික කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. හදිසි ගනුදෙනුවකට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

සිංහ

වගකීම් බහුල කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනඳාට වඩා වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

තුලා

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. එමෙන්ම හදිසි ගමන් කීපයකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. අවිවේකී දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

ධනු

පැවැති ගැටලු කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදා කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් සාර්ථක වන දිනයකි.

මකර

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. සහෝදර බැඳීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මීන

ගේ දොර කටයුතු පිළිබඳව උනන්දුව ඇති කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වීමට කරුණුූ ඇති කරයි. පිනට දහමට ළැදිව කටයුතු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.