2024.09.11 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 11, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - දවල් 12.07 - 01.39
සුබ දිශාව - උතුර

 

මේෂ

පාලනයට දක්ෂතාවක් දක්වයි. පිරිස් බලය ඇතිව වැඩකටයුතුවල නියැළෙන බවක් පෙනේ. විනෝදයෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. සමාජ සේවා කටයුතුවල මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ.

මිථුන

නිරහංකාර ලෙස කටයුතු කරගෙන යයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කටක

උදරාබාධ සෙම් රෝග ඇතිවිය හැකි බවක් පෙනේ. ළඟම හිතවතකුගේ දුරස්වීමක් සිදු කරයි. දුර ගමනක් යෙදෙන දිනයකි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට සිත යොමුවීමට ඉඩ ඇත.

කන්‍යා

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා වැය පස අධික කරන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ. ළඟම හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

වෘශ්චික

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා නොසන්සුන්කාරී බවක් ඇති කරන දිනයකි.

කුම්භ

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා ආගමික සහන පතන බවක් පෙනේ. උත්සාහවන්තව කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.