2024/09/08 ඉරිදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 8, 2024

 

ඉර උදාව පෙ.ව. 06.02
ඉර බැසීම ප.ව. 06.14
රාහු කාලය සවස 04.42 - 06.14
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. තමා සොයා එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නීති සහන පතන බවක් පෙනේ.

වෘෂභ

වෙහෙසකාරි කටයුතු කීපයක් සිදුකරයි. තැන තැන ඇවිදිලි ඇති කරයි. පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. වියදම් අධිකවන අන්දමේ කටයුත්තක් සිදු කරයි.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමකට කටයුතුª උදාකරයි. වෙහෙසීම් අධික කරන දිනයකි.

සිංහ

කරදර බාධක තරමක් දුරට ඉවසන බවක් පෙනේ. අනාථ අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. දුරදිග සිතා බලා නිවැරැදිව තීරණ ගන්න.

 

කන්‍යා

දෙමව්පියන්ට ළැදිව කටයුතු කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන බවක් පෙනේ. සහෝදරියකට උපකාරයක් කිරීමට මඟ සැලසේ. සෙම් රෝගයකින් පීඩා අත් කරයි.

තුලා

ඉදිරියට යාමේ ශක්තිය ඇති කරයි. අමතර ආදායම් මාර්ග අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. ක්‍රීඩාකටයුතුවලට නැඹුරුතාවයක් දක්වයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදුකරන බවක් පෙනේ. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සමාජයේ පැසසුමට ලක්වන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. පැවැති කරදර කීපයක් මඟැහරී යයි. දානමය කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරයි.

මකර

ඥාතින් සමඟ දුරගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ.

කුම්භ

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ලියකියවිලි ගැටලුවකට මුහුණපෑමට ඉඩ ඇත. වියදම් අධිකවන දිනයකි. නැතිවූ දෙයක් නැවත හිමි කරයි.

මීන

ගනුදෙනුවකට කටයුතු උදාකරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. අවිවේකී දිනයකි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.