2024.09.19 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 19, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - පෙ.ව. 06.08
රාහු කාලය - දහවල් 01.35 - 03.06
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘෂභ

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මිථුන

තැන තැන ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. අමතර දැනුම ලබා ගැනීමේ මාර්ගවලට යොමුවන බවක් පෙනේ. උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නීති ගැටලුවකින් නිදහස ඇති කරයි.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු ක්‍රමවත් කරගැනීමට වෙහෙසක් දරයි. අලුත් බලාපොරොත්තුවක් ඇති කරන දිනයකි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වන දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර සිත් අමනාපයක් ඇතිවීමට ඉඩ ඇත.නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත. ළඟම හිතවතකුට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු උදා කරයි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු අධිකවීමෙන් අවිවේකී බවක් ඇති කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. මවුපස ඥාතියකට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

මීන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.