2024.07.03 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දවල් 12.14 - 01.48
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්වීමට කරුණු යෙදේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

වෘෂභ

හිතවත් අයකුගෙන් උපකාරයක් හිමිවන දිනයකි. මිතුරන් සමඟ සතුටුවීමට කරුණු යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

මිථුන

භෝජන සංග්‍රහයක් දානමය කටයුත්තක් සඳහා සහභාගිවීමට අවස්ථාව සැලසේ. කලකදී හමුනොවූ හිතවතුන් හමුවීමට අවස්ථාව උදා කරයි.

කටක

පවුලේ කටයුතු වෙනදාට වඩා උත්සහාහයෙන් සිදු කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවීමට ඉඩ ඇති දිනයකි. දුරදිග බලා කටයුතු කරන්න.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. වගකීම් බහුල දිනයකි. ආගමික වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ.

කන්‍යා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සිදුවිය හැකි දිනයකි.

තුලා

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පවුලේ වගකීමක් තමාවෙත පැවරෙන දිනයකි.

ධනු

තීරණ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. බලාපොරොත්තුවක් ඉටු කරයි.

මකර

තැන තැන ඇවිදිලි ඇති කරයි. දරුවකු පිළිබඳ වෙහෙසට පත්වන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නැති වූ දෙයක් නැවත හිමි කරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.