ලග්න පලාපල

ජූලි 27, 2024

2024.07.27 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ 09.10 - 10.44
සුබ දිශාව - උතුර

මේෂ

ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර වගකීම් බහුල දිනයකි. හදිසි තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිත මිතුරන් ඇසුරට කටයුතු සැලසෙයි.

මිථුන

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු කරන බවක් පෙනේ. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. වැඩිහිටි දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවන දිනයකි.

කන්‍යා

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.වගකීම් බහුල දිනයකි.

තුලා

පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘශ්චික

ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.

මකර

නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවකට කටයුතු උදා කරයි.

මීන

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.