2024.07.20 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - උදේ 09.10 - 10.44
සුබ දිශාව - දකුණ

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත බැඳීමකට කරුණු සැලසෙන දිනයකි.

වෘෂභ

අමතර ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

මිථුන

ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. සහෝදර සිත් අමනාපයක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි.

කටක

හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුවන

ලකුණූු පෙනේ. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන දිනයකි.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන දිනයකි.

කන්‍යා

අමතර වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

තුලා

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙනදෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

ධනු

පවුලේ අය සමග සුහදතාවයෙන් කටයුතු කිරීමට කටයුතු සැලසේ. නව ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුකරන දිනයකි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

මකර

නොසිතූ ගැටලුකාරී බවක් මතු කරයි. ගතට සිතට විනෝදය අඩුකරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි.

කුම්භ

අමතර ලැබීම් ගෙනදෙන මාර්ග කීපයක් යෙදේ. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු අධික කරයි. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

මීන

විශ්වාසය බිඳවැටෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඥාති හිතවත්කම් අලුත් කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.