2024/ 07 /19 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 19, 2024

 

ඉර උදාව පෙ.ව. 06.03
ඉර බැසීම ප.ව. 06.31
රාහු කාලය උදේ 10.43 -12.17
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

උත්සාහවන්තව කටයුතු කරන දිනයක් වන අතර මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

වෘෂභ

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක බවක් ඇති කරයි. සිතේ නොසන්සුතාවයකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවත් සිදු විය හැකි බවක් පෙනේ.

මිථුන

අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිවෙයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

කටක

පවුලේ කටයුතුªවල වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර හටගත් සෙම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. අමතර වියදම් බහුල දිනයකි.

සිංහ

ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. අසල්වැසි සුහදතාවයට බාධා ගෙන දෙන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අතපසු වු කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත්වන්න.

තුලා

නිතර විසිතුරු දේ පිළිබද ඇල්මක් දක්වන දිනයකි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකි ලෙස දවස උදා කරයි. පවුලේ අය සිත් අමනාපයක් ඇතිවීමට ඉඩ ඇත. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත. ළඟම හිතවතකුට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු උදා කරයි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු අධික වීමෙන් අවිවේකී බවක් ඇති කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

මීන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. දරුවකු පිළිබද සතුටට පත්වීමට කරුණු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.