2024.07.18 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - දවල් 01.50 - 03.24
සුබ දිශාව - උතුර

 

මේෂ

ගේ දොර කටයුතු අධික කරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට අවස්ථාව උදා කරයි. වියදම් බහුල දිනයකි.

වෘෂභ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ.

මිථුන

පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. නිතර පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වන බවක් පෙනේ. පවුලේ අයගේ ආදරය කරුණා හිමිකරන දිනයකි.

කටක

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. ගෙදර දොර පිරිසුදුතාවයට වැඩි කාලයක් යොදවයි. පැරැණි හිතවතකු හමුවීමට කටයුතු යෙදෙන බවක් පෙනේ.

සිංහ

සුළු සුළු වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදේ. මවගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අවිවේකී දිනයකි.

කන්‍යා

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. හදිසි ගමනකට කටයුතු යෙදෙන දිනයකි.

තුලා

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවන දිනයකි.

වෘශ්චික

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

ධනු

වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ කටයුතුවලට වෙනස්කම් කීපයක් සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

මකර

නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් කැපී පෙනෙන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.