2024.07.25 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 25, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - සවස 01.50 - 03.24
සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සහවන්තව කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙන්වයි. සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදුවන දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්වයි. හදිසි අසනීපයක් ගැන කතා කිරීමට සිදුවන දිනයකි. විනෝදයෙන් සිටීමට ඉඩ ලැබුණත් සිතට කිසිම සතුටක් ඇති නොකරයි.

මිථුන

තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කීපයක් සිදුකරයි. පහත් අයකු හෝ සේවකයකු ලවා වැඩක් කර ගැනීමට සිදුවේ. උදරය සම්බන්ධ පීඩාවක් ඇති කරයි.

කටක

ස්ථාන ගත වෙනසකට කරුණු සිදුකරයි. දියුණුවට යම් යම් තීරණ ගන්නා නමුත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. සමාජයේ ජනපි‍්‍රයවීමට කරුණු ඇති කරයි.

සිංහ

කරන කියන කටයුතුවලින් තමාට ප්‍රශංසා හිමි කරන දිනයකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් තරමක ලාභ හිමි කරන බවක් පෙන්නුම් කරයි. සෙම් රෝග පීඩා, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතුකරයි. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩිකරන දිනයකි. පවුලේ වැඩිහිටියකු ගැන සැලකිලිමත් විය යුතු දිනයකි.

තුලා

නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ හමුවන හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

වෘශ්චික

සිතේ සැකයෙන් යුතුව කටයුතු කීපයක් සිදුකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් ගැටලුකාරී බවක් මතු කරයි.

ධනු

ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. දානමය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. උදරාශි‍්‍රත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි.

කුම්භ

හදිසි සිත්තැවුලකට මුහුණ පෑමට සිදුවෙයි. තම ගෞරවයට කැළැලක් සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සොයා බැලීමක් කළයුතු දිනයකි. නීතිමය ගැටලු ඇතිවීමට ද ඉඩ ඇත.

මීන

නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවෙයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මුත්‍රා අමාරු, සෙම් අමාරු වැනි දෙයකින් පීඩා අත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.