2024.07.30 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 30, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.30

රාහු කාලය - සවස 03.23 - 04.57

සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරන දිනයකි.

වෘෂභ

පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

වෙනදාට වඩා උදාසීන ගති පැවැතුම් ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීම් බහුල දිනයකි.

කටක

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

සිංහ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වන දිනයකි.

කන්‍යා

තනතුර, වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් වෙයි. හදිසි ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදු කරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරු කරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.