2024.07.21 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජූලි 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - සවස 04.57 - 06.31
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ළඟින් ඇසුරු කරන අයකුගේ ඈත් වීමක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ.

වෘෂභ

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් සිදු කරයි. හිතවත් අයකු සමඟ සිත් අමනාපකමක් ඇති කරගන්නා දිනයකි. නොසිතූ ලෙස අතපසුවීමක් සිදුවීමට ඉඩ ඇත.

මිථුන

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. හදිසි සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. වගකීම් බහුල වීමෙන් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.

කටක

ගතට සිතට සැනසිල්ල උදාකරන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

සිංහ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල වුවත් ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

වෙනදාට වඩා සිතේ සන්තෝෂයෙන් කටයුතු සිදුකරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. නිතර අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් බිඳ වැටෙන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

උදාසීන ගතිපැවැතුම් ඇතිවීමෙන් යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති දිනයකි.

මකර

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. මව්පිය උරුමයකට බාධාගෙන දෙන බවක් පෙනේ.

මීන

ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.