2024.07.26 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ 10.43 - 12.17
සුබ දිශාව - උතුර

 

මේෂ

විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරයි.

මිථුන

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.

කටක

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.

සිංහ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. නිතර ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වේ.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් අධිකවන දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩක් තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

තුලා

ගතට සිතට අසහනකාරී කටයුතු කීපයක් සිදුකරයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවෙයි.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදුවේ.

ධනු

නිතර ආගම දහමට ලැදිව කටයුතු කිරීමට සිදුවන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යයි. නිතර කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

මකර

වැයපස අධික කරන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි.

කුම්භ

වරින්වර පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.

මීන

නිතර පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. වරින් වර ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.