2024.07.23 අඟහරුවාදා ලග්න සහ රාහු කාලය

ජූලි 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - සවස 03.24 - 04.58
සුබ දිශාව - දකුණ

 

මේෂ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙහෙසීම් අධික දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ මෙන්ම හිතවතුන්ගේද ප්‍රසාදයට ලක්වන දිනයකි. උදරාබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

කටක

ගැටලුකාරී බවක් දුරදිග යයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.

සිංහ

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි.

කන්‍යා

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. නිතර ඇතිවන අසනීපකාරී බවක් හේතුවෙන් කටයුතුවල වෙනසක් සිදු කරයි. අවිවේකී දිනයකි.

තුලා

තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. ප්‍රභූ උපකාරයක් හිමිවන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු අධිකවන බවක් පෙනේ.

කුම්භ

පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මීන

සිතට දුක් සහිත කරදර කීපයක් සිදු කරයි. සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.