2024.07.24 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - දවල් - 12.17 - 01.51
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුත්තක් සාර්ථකව නිමාකර ගැනීමට හැකිවෙයි. ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසීමට සිදුවේ. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න.

කටක

විශේෂ කෙනෙකුගේ උපකාරයක් හිමි කරයි. වෙනදාට වඩා පී‍්‍රතියෙන් දවස ගත කරන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් පෙනේ. මිහිරි ආහාරපාන කෑමට ලැබෙන දිනයකි.

කන්‍යා

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරන දිනයකි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. අලුත් බඩු බාහිරාදිය මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. වැඩිහිටියන්ගෙන් පැසසුම් ලබන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. අවිවේකී දිනයකි.

ධනු

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. යටපත් වූ හිසේ ආබාධයක් නැවත මතු කරයි. ඥාතීන් අතර සුහදතාවය ඇති කරන දිනයකි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනේ. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.