2024.07.29 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 29, 2024


ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ 07.37 - 09.11
සුබ දිශාව - දකුණ

මේෂ

අමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. එහෙත් අමතර ලැබීම් සහිත දිනයකි. හදිසි පොත්පත් මිලදී ගැනිමකට කටයුතු උදා කරයි. උදාසීන ගති මඟහැරී යයි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙනේ. ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට කරුණු ඇති කරයි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපිය ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කන්‍යා

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

තුලා

නිතර විසිතුරු දේ පිළිබඳ ඇල්මක් දක්වයි. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සිත් අමනාපයක් මඟහැරෙන දිනයකි.

ධනු

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැනසිල්ල උදාකරන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරයි.

මකර

වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හිතවතුන්ගෙන් උපකාරයක් හිමි කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

කුම්භ

විශේෂ ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. අමතර වාසි සැලසෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. ධානමය කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.