2024/07/31 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 31, 2024

 

ඉර උදාව පෙ.ව. 06.04
ඉර බැසීම ප.ව. 06.29
රාහු කාලය දවල් 12.17 - 01.50
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

මිථුන

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වීමට හේතු ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගනුදෙනුවකින් නිදහස උදා කරයි.

කටක

පවුලේ අය අතර ප්‍රසාදයට පත් කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

අතපසුවූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

තුලා

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. ප්‍රභූ උපකාරයක් හිමිවන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

 

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු අධික වන බවක් පෙනේ.

කුම්භ

පැවැති අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. නිතර සමාජසේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

සිතට දුක් සහිත කරදර කීපයක් සිදු කරයි. සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.