2023.11.05 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 5, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.09
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දහවල් 02.57 - 04.25
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට පෙළඹේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ.

වෘෂභ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. ඥාතීන් අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වගකීම් බහුල දිනයකි.

මිථුන

පොත්පත් ලිපි ලේඛන කටයුතු සඳහා වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. කෙටි ගමන් බහුල වන කටයුතු කීපයක් යෙදේ.

කටක

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු කරයි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

කන්‍යා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

තුලා

පවුලේ සතුට සමාදානයට කරුණු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවකට කරුණු සැලසෙන දිනයකි.

වෘශ්චික

වගකීම් බහුල කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

ධනු

ගතට සිතට සැප සතුට උදාකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු සැලසෙන බවක් පෙනේ.

මකර

වෙනදාට වඩා ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවකට හේතු ඇති කරයි. හදිසි මුදල් වැයවීමක් සිදුකරන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

මීන

අවිවේකී දවසක් වන අතර සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. එමෙන්ම පවුලේ බැඳීම් වැඩිවන කරුණු කීපයක් සිදුකරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.