2024.08.04 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - සවස 04.55 - 06.29
සුබ දිශාව - දකුණ

 

මේෂ

මෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක් පෙන්නුම් කරයි. තනිමතයට කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් ගැටලුවක් මතුවීමට ඉඩ ඇත.

වෘෂභ

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරන දිනයකි. එමෙන්ම හදිසි ගමනකට කටයුතු සැලසීමට ඉඩ ඇත. නිතර වෙහෙස ඇති කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

මිථුන

අමතර ලැබීම්වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පින්දහම් කටයුතුවලට දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.

කටක

නිතර ඇසුරු කරන අය සමඟ විශ්වාසය දිනා ගැනීමට කරුණු ඇති කරයි. දරුවකුගේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. විනෝදයට බරව කටයුතු කරන දිනයකි.

සිංහ

විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට හේතු ඇති කරයි. අසල්වැසි මතභේදයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා මහන්සියෙන් මෙන්ම උත්සාහයෙන් කටයුතු කළයුතු දිනයකි.

කන්‍යා

මුදල් ගනුදෙනුවක් සම්බන්ධ කල්පනාකාරී විය යුතු දිනයකි. වෙනදාට වඩා ඉවසිල්වන්තව කටයුතු කළ යුතුයි. වගකීම් බහුලවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ.

තුලා

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

වෘශ්චික

මුදල් ගනුදෙනු සම්බන්ධ කටයුතුවලදී දුරදිග සිතා බලන්න. දරුවකු සම්බන්ධ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි.

ධනු

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතට කනස්සල්ල ඇති කරන බවක් පෙනේ. හදිසි ගමනක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා අමතර මුදල් වැය වීම් වැඩි කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි කාලයකි.

කුම්භ

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට වෙහෙසීම් ඇති කරයි.

මීන

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.