2024.08.05 සඳුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - උදේ 07.37 - 09.11
සුබ දිශාව - උතුර

 

මේෂ

පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදාකරයි. මව්පිය ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

කටක

හිතවතුන් සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. දුර ගමනක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. එමෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි ද වැඩි නැඹුරුතාවක් යොමුකරන දිනයකි.

සිංහ

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. ඥාතීන් සමඟ එකමුතු වී කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. සිතේ සතුට ඇති කරන දිනයකි.

තුලා

නිතර අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් සිටීම වැදගත්වේ. හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි.

වෘශ්චික

මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මාර්ගය උදාකරයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමටද ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන දිනයකි.

ධනු

ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අහිමි කරන දිනයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයටද කරුණු ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

මීන

වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණ දීමට සිදුවන දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.