2024.08.02 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - උදේ 10.43 - 12.17
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වගකිම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

මිථුන

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ සුහදතාවයට කටයුතු උදා කරන බවක් පෙනේ.

කටක

සිතේ චංචලකාරී බවකින් කටයුතු සිදු කරයි. සෙම් රෝග, පෙනහළු ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

සිංහ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. සැනසිලිදායක ලෙස දවස ගෙවයි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. හිතවතකුගෙන් ත්‍යාගයක් හිමිවන දිනයකි.

තුලා

අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරයි. සිතට සතුට සැනසීම ගෙනදෙන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදු වේ. අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි.

ධනු

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිපයක් සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.