2024.08.01 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 1, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - දවල් 01.49 - 03.23
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. හදිසි ගමන් කීපයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට හේතු යෙදෙනු ඇත.

වෘෂභ

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදා කරයි. නොසිතූ ලෙස ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මිථුන

වෙනදාට වඩා කැපී පෙනෙන දිනයකි. අඹු සැමි සුහදතාවයට කරුණු උදාකරයි. නිතර දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

කටක

අලුත් බලාපොරොත්තු ඇති කරමින් දවස උදාකරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරන බවක් පෙනේ.

සිංහ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් ඥාති සබඳතාවයකට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි.

තුලා

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන දිනයකි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි.

වෘශ්චික

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් ගැටලු කීපයකට මුහුණපායි. දේපළ සම්බන්ධ මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

ධනු

නිතර පොත් පත් ලිපි ලේඛන කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වරින් වර ඇතිවන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර පතයි. කෑම බීම කෙරෙහි සැලකිලිමත් විය යුතු දිනයකි.

මකර

හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ අය අතර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකිය.

කුම්භ

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. උදරය සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.