බෝ පත්‍ර මහා පූජාව කර ඔබේ අදහස ඉටුකර ගන්න

ඔක්තෝබර් 11, 2024

බෝධීන් වහන්සේගෙන් මළුවට වැටුණු බෝ පත්‍රයක් අහුලාගෙන එම පත්‍රය කහදියරින් සෝදාගෙන බෝධීන් වහන්සේ වඳින ගාථාව නව වාරයක් කියමින්, නව වාරයක් බෝධීන් වහන්සේ වටා පැදකුණු කර මල් ආසනයේ තබා පහනක් ද දල්වා තබා බෝ පත්‍රය වටා මල් තබා ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව නවවරක් කියා පසුව දෙවියන්ට පින් දී මියගිය අයට ද පින් අනුමෝදන් කර පසුව ගයාත්‍රිවේද මන්ත්‍රය තුන්වරක් කියන්න. තමාගේ සිතේ තිබෙන අදහස ඉෂ්ටවේවායි අධිෂ්ඨාන කර චිත්ත තරංග අවකාශයට මුදා හරින්න. විශ්වයත් සමග ගනුදෙනු කරන්න මනසින් අධිෂ්ඨාන කරන්න. ඔබේ අධිෂ්ඨානය සාර්ථක වේවි.

මේ මහා පූජාව දින 3ක් හෝ ඊට වැඩි වාර ගණනක් කිරීමෙන් ඔබේ අදහස සාර්ථකවන බැව් මෙහිලා සනිටුහන් කර සිටිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.