2024.07.10 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - දවල් 12.16 - 01.50
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කරයි. දරුවන්ට යහපත් ය.

වෘෂභ

සිත් රිදවීම් ඇතිවිය හැකි බවක් පෙනේ. සහෝදර උපකාරයක් හිමිවිය හැකි බවක් පෙනේ. නොසන්සුන්කාරී ලෙස දවස ගත කරයි.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

කටක

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

සිංහ

සිත් රිදවීම් බහුල කරයි. කතාබහේ දී පරිස්සම් වන්න. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි.

තුලා

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

ධනු

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මකර

කීර්තියට ප්‍රසිද්ධියට කරුණු සැලසේ. ශාරීරික වෙහෙසීම් බහුලවන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ. බැඳීම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වියදම් බහුල දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇතිකරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.