2024.09.20 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.08
රාහු කාලය - උදේ 10.33 - 12.05
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු උදා කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා දිනයකි. අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් හිමිකරයි.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් අධික කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන දිනයකි.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැනසිල්ල උදා කරයි.

කටක

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. නිතර අලංකාරයට සිටීමට වෙහෙසෙන බවක් පෙනේ. අමතර ගමන් බහුල කරයි.

සිංහ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොවන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

කන්‍යා

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

පවුලේ බැඳීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. විශේෂ උත්සව අවස්ථාවක් යෙදෙන දිනයකි. නැති වූ දෙයක් නැවත හිමි කරයි.

වෘශ්චික

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ. පැවැති ගැටලුකාරී බවක් විසඳා ගැනීමට හැකිවෙයි.

ධනු

අලුත් දේ ඉගෙනීමට කටයුත උදා කරයි. එහෙත් ගතට සිතට අසහනකාරී බවක් ඇති කරයි. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.

මකර

සැලසුම් කීපයක් සාර්ථක කරයි. අමතර ලැබීම් සහිතයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. බැඳීම් අලුත් කරන දිනයකි.

කුම්භ

වගකීමකින් නිදහස උදා කරයි. විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.