2024.09.18. බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.10
රාහු කාලය - දවල් 12.05 - 01.36
සුබ දිශාව - උතුර

 

මේෂ

බාධක ඇතත් ඉගෙනීමට උත්සාහයක් ගනී. ඇස්වල දුර්වලතා මතුවිය හැකි බවක් පෙනේ. රැකියා වෙළහෙළදාම් දියුණුවට පත්වන බවක් පෙනේ.

වෘෂභ

තරමක් ආඩම්බර ගතියෙන් කටයුතු සිදු කරයි. අලංකාරයට විනෝදයට සිටීමට කැමැති දිනයකි. අසරණ කෙනකුට පිහිටවීමට කටයුතු උදා කරයි.

මිථුන

ස්ථාන වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. දරුවන්ගෙන් සැප සතුට උදා කරයි.

කටක

සෙම් රෝග බහුල දිනයකි. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණදීමට සිදුවෙයි.

සිංහ

අන් අය අතර කැපී පෙනෙන දිනයකි. වංචා රැවටීමකට හසුවීමට ඉඩ ඇත. අසල්වැසි සිත් නොහොඳකමකට මඟ සැලසෙන දිනයකි.

කන්‍යා

කරදර බාධා මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

තුලා

උනන්දුවෙන් කටයුතු සිදු කරයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. දේපළ උරුමයක් හිමිවිය හැකිය.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරයි. දියුණුවට බාධා පැමිණිය හැකි බවක් පෙනේ. හිතවතුන් සමඟ විනෝදවීමට අවස්ථාව උදා කරයි.

ධනු

ආගම ධර්මයට ළැදිව කටයුතු සිදු කරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වේ. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. විවේකය අඩුකරන දිනයකි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත්කමෙන් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. හිසේ ආබාධ, පපුව සම්බන්ධ ආබාධ මතුවිය හැකි දිනයකි.

කුම්භ

අතමිට මුදල් ගැවසේ. සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි.

මීන

සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි. බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍රවන බවක් පෙනේ. පවුලේ අයගෙන් උපකාර හිමිවිය හැකියි. සිතේ සතුටින් දවස ගෙවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.