2024.09.21 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 09.02 - 10.33
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ සමඟියට අවස්ථාව සැලසේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘෂභ

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවන දිනයකි.

සිංහ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. අවිවේකී දිනයකි.

කන්‍යා

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි.

තුලා

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු එකතුවීමට ඉඩ ඇත. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි.

මකර

දුර බැහැර ගමනකට සැලසුමක් ඇති කර ගනී. ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

කුම්භ

සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟහැරී යන දිනයකි.

මීන

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.