2024.09.15 ඉරිදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - සවස 04.39 - 06.11
සුබ දිශාව - දකුණ

 

මේෂ

අමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන ලකුණුූ පෙන්නුම් කරයි. නිතර අවිවේකී බවක් ඇති කරන දිනයකි. වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘෂභ

තැන තැන ඇවිදිලි ඇති කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි.

මිථුන

අලුත් සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි. ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි.

කටක

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

උත්සාහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කන්‍යා

සමාජ සේවා කටයුතු කෙරෙහි නිරතවන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නින්දයාම අඩුකම, පීනස වැනි රෝගාබාධ හිසට පපුවට බලපාන දිනයකි.

තුලා

තම රූපාලංකාරය ගැන වෙහෙසෙන දිනයකි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට අවස්ථාව සැලසෙන දිනයකි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

ධනු

පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ. ළඟම හිතවතකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වැයපස අධික කරන දිනයකි.

මකර

සමාජයෙන් පැසසුම් ලබන දිනයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශේෂ ගමනකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නව ආදායම් මාර්ග හිමිකරන බවක් පෙනේ. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පුණ්‍ය කටයුතු කෙරෙහි යොමුවන දිනයකි. ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයකින් පීඩා ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.