2024.09.17. අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.10
රාහු කාලය - සවස 03.07 - 04.39
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි.

වෘෂභ

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

මිථුන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු උදා කරයි. දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කටක

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරන බවක් පෙනේ.

සිංහ

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන බවක් පෙනේ. සහෝදර මතභේදයක් දුරදිග යා හැකි දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

පී‍්‍රතිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගනී.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධනු

පැවැති අසහනකාරී බව මඟහැරී යයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන දිනයකි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු සැලසේ.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකර ගැනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අඩු කරන දිනයකි. එහෙත් යන එන ගමන්වලින් වාසි කීපයක් සැලසේ. දරුවකු පිළිබඳ තීරණයක් ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මීන

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.