ඔබ වාජීකරණ ඔසු ගැන දැනුවත්ද?

ජනවාරි 15, 2021

කාමය යනු ගින්නකි. කාන්තාව සෑම මොහොතකම සමාජයේ ගැරහීමට ලක්වන චරිතයකි. සෑම පුරුෂයකු විසින්ම කාන්තාව ගැන සිතිය යුත්තේ ඇය තමන්ගේ මව, සහෝදරිය, දියණිය ලෙසිනි. කාමශක්ත සිතකින් ඔවුන් දෙස නොබැලිය යුත්තේයැ. බෞද්ධයෙකු ලෙසින් පුරුෂයෙකු තම බිරිඳ කරගත යුත්තේ එකම කාන්තාවක් පමණි.

 

වාජී යන අරුත මෛථූනය යන්නයි. මෙහිදී වඩාත්ම මෛථූන ක්‍රියාවේ යෙදෙන්නන්ට මෙම වාජීකරණ ඔසු අවශ්‍ය වේ. ස්ත්‍රී පුරුෂ දෙපළක් එක් වීමට පෙර වාජීකරණ ඖෂධ සඳහා උණුසුම් එළකිරි වීදුරුව බැගින් පානය කිරීම ඉතාම සුදුසු වේ.

එළකිරි යනු වාජීකරණ ආහාරමය පානයකි. එමෙන්ම ඉන් තනනු ලබන එළඟිතෙල් ද ශුක්‍ර වර්ධනයටත්, වාජීකරණ ශක්තිය නගා සිටුවීමටත් ඉවහල් වන කදිම ඔසුවකි. නිරතුරුව වාජීකරණ ඖෂධ තැනීම සඳහා එළඟිතෙල් සහ එළකිරි යොදා ගනු ලැබේ. ඉතා කෙට්ටු ශරීර ඇති අයට වාජීකරණ ඖෂධ ලබාගැනීමෙන් සිරුර පුෂ්ටිමත්භාවයට පත්කර ගත හැකිය. දත්, සහ නිය මෙන්ම අස්ථි වැඩීමටත් මෙම වාජීකරණ ඔසු ඉවහල් වනු ලබයි. එමෙන්ම බුද්ධිය වැඩීමටත්, සිහිනුවණින් ක්‍රියා කිරීමටත්, කල්පනා ශක්තිය දියුණු වීමටත් සුදුසු ඖෂධ ඇත. ඉතා දුර්ලභ ඖෂධ යොදවා එවැනි ඔසු නිෂ්පාදනය කරනු ලැබේ.

ශක්තිය පිරිහී ගිය පුරුෂයින්ගේ ශරීරය දුටු විගස හඳුනාගත හැකියැ. කෙසඟ, මහමග ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයේ සිටින තරුණයන්ගේ පුරුෂශක්තිය හීන වී ඇති බව බැලූ බැල්මට වටහා ගත හැකිය.

කායික වශයෙනුත්, මානසික වශයෙනුත් දුර්වල වන හේතුවෙන්, ලිංගාශි‍්‍රත රෝගාබාධවලට ලක්වී දුක් විඳින විශාල පිරිසක් අප සමාජයේ බොහෝ ජීවත් වෙති.

තම ජීවිතය අවසානය කරා යන්නට පෙර දැහැමිව ජීවත්වීම තරම් වෙනත් ගෞරවයක් නොමැති තරම්යැ. කිසිවෙකුට අගෞරවයක් නොවෙන විදිහට හැසිරීම උතුම් කටයුත්තකි.

කිසියම් පුරුෂයෙකු විවාහවීමට අපේක්ෂාවෙන් සිටී නම් හෙතෙම නිතිපතා වාජීකරණ ඖෂධ භාවිතා කරන්නේ නම් ඔහු ශක්තිවන්ත, ධෛර්යවන්ත පුද්ගලයෙකු වන බව කිව යුතුයැ. මෙසේ ගනු ලබන ඔසු වලින් ශාරීරික සප්තධාතු නිරෝගීව වර්ධනය වේ. එනම්, රස, රක්ත, මාංෂ, මේදස්, අස්ථී මජ්ජා, ශුක්‍ර යන ධාතුන්ගෙන් සමන්විතවූ අවසාන ඕජස ලෙස ගණන් ගැනෙන ශුක්‍ර ධාතුව නිසා මනුෂ්‍යයන්ගේ සිරුර ඔප් නැංවේ.

අප ගන්නා ආහාර හෝ ඖෂධ හේතුවෙන් සිරුරෙහි වර්ණ, සැප, බල, වීර්ය වර්ධනය වේ. ආයුෂ වැඩේ. හොඳින් නිදි සුව ලැබේ. ශක්ති සම්පන්න වූ ශරීරයෙන් බර එසවීමට පුළුවන . දිවීමේදී හතිය හෝ මහන්සියක් නොදැනෙන අතර යම්කිසි කාර්යයක එක දිගට නිරතවීමට පුළුවන. විවාහ ජීවිතයක් ගත කරන විට, නිරෝගී ශක්ති සම්පන්න දරුවන් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකියාව ඇත්තේ ය.

ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් විධ සම්පත් වින්දනය සත්වයාගේ අරමුණ වේ. බාලකාලයේ ලද අධ්‍යාපනයට අනුව තරුණ අවදියේ රැකියා කර්මාන්තවල නිරත වේ. මහලු කාලයේ ධර්මයේ ගැලී සිටිමින් ජීවිතක්ෂයට පත්ව මෝක්ෂය කරා යනු ලැබේ. අතීතයේ ශ්‍රී ලංකාව රජ කළ රජවරුන් හට රාජමහේෂිකාවන් පන්සියයක් බැගින් සිටිය අතර එවකට කාම කලාවන් ගැන නිපුණත්වයක් ලද බ්‍රාහ්මණයන් විසින් එම ස්ත්‍රීන් හට සූසැට මායම් ආදී කලා ශිල්ප ප්‍රගුණ කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

ආදි යුගයේ කාම කලාව ගැනත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ගැනත් වාතස්‍යාන ආදී ඍෂිවරුද අනංගරංගී ආදී කාම කලාව ගැන බෙහෙවින් සඳහන් කර ඇත. ඒවායෙහි සඳහන් වාජීකරණ ඔසු සහ කාම කලාවන් අනුගමනය කිරීමෙන් විවාහ දිවිය රඟමඩලක් කරගත හැකි බවද ස්ත්‍රි පුරුෂ සම්භෝගය පී‍්‍රති ගඟුලක් කරගත හැකි බවද වැටහී යන කාරණයකි.

මේවා සඳහන් පුස්තක වර්තමානයේ දුර්ලභ හෙයින් එවැනි දෑ පරිශීලනය කර ගැනීම උගහටය. එනිසාම වර්තමාන කාලයේ විවාහ ගැටලු මතුවෙමින් පවතිනු ඇත. විවාහය යනු කලාවක් බව වැඩිදෙනෙකු සිතට ගෙන නොමැත. තම විවාහ ජීවිතය සාර්ථක ගැනීමට දෙදෙනාගේම සහයෝගය අවශ්‍ය වේ. තනි අතින් අත්පොඩි ගැසීමට නුපුළුවන් බව සැළකුව මනායැ. ජීවිතය වින්දනයක් මිස විඳවීමක් කරගත යුතු නොවේ. වින්දනයෙන් සතුට සහ විනෝදය ලබාගත හැකි අතර ජීවිතයක විඳවීම යනු කටුක, නිරස, අසතුට දුක, පරාජිත බව පමණක් බවද දැනගත යුතුයැ.

කාන්තාවක් තම ජීවිතයේදී තෙවරක් උපදිනු ඇත. ප්‍රථම වරට මවගෙන් උපදින ඇය බාලවියේදී කැකුළු පොහොට්ටුවකි. දෙවැනි වරට ඇය මල්වර උපතින් පිදුම් ලබන අතර ඇය තෙවෙනි වරට ස්වාමියෙකුගෙන් නවදිවියක උපත ලබනු ඇත. එමෙන්ම ඇය මවක්, මිත්තනියක් වනු ඇත. ඇගේ ජීවිතයේ සන්ධි ස්ථාන කිහිපයකි.

දරුවන් පතන සෑම කාන්තාවක් සහ පුරුෂයෙකු විසින්ම වාජීකරණ ඔසු ගැනීම වැදගත් වේ. එවිට ඔවුන්ගේ බලාපොරොත්තු සඵල වේ.

කාමය යනු ගින්නකි. කාන්තාව සෑම මොහොතකම සමාජයේ ගැරහීමට ලක්වන චරිතයකි. සෑම පුරුෂයකු විසින්ම කාන්තාව ගැන සිතිය යුත්තේ ඇය තමන්ගේ මව, සහෝදරිය, දියණිය ලෙසිනි. කාමශක්ත සිතකින් ඔවුන් දෙස නොබැලිය යුත්තේයැ.

බෞද්ධයෙකු ලෙසින් පුරුෂයෙකු තම බිරිඳ කරගත යුත්තේ එකම කාන්තාවක් පමණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.