අත් බෙහෙත්

සැප්තැම්බර් 20, 2024

දිව තොල් පැලෙනවාට

සමන්පිච්ච (ළා පහේ) කොළ ගෙන තලතෙලින් අඹරා දිවේ තොලේ ගානු

පත්තෑ විෂට

කඩුපහර , කැකුලු හාල් පානු වතුරෙන් අඹරා කෑ මුඛයේ ගානු.

නින්දෙන් මූත්‍ර යනවාට

මුගුණුවැන්න, පොල්පලා, රණවරා සමව ගෙන හීනැටිහාල් දමා පොල්කිරි කැඳ පිස හිස්බඩ (උදේ) කිතුල් හකුරු සමඟ 07 වේලක් බොන්ට දෙනු.

සෙම් ගෙඩිවලට

මුරුංගා මුල්, ඇඹුල් දොඩම් ඇඹුලෙන් අඹරා හක්කේ තියා සෙම අරිනු

මූත්‍ර දැවිල්ලට

ඉගිණි ඇට, වැල්මී සුදුහඳුන් කලං 4 බැගින් ගෙන හොඳින් අඹරා තැඹිලි ගෙඩියකට දමා සවස පින්නේ තබා උදේම පෙරා බොනු.

ඇදුමට හා හතියට

ආඩතෝඩා ගසේ පස් වර්ගය, කොත්තමල්ලි, වැල්මී සමඟ තම්බා බීමට ගුණයි. ප්‍රතිවාපයට සූකිරි ගන්න.

පිළිස්සුම් තුවාලවලට

තැඹිලි පොල් හා තෝර කොළ සමව ගෙන අමුකහ ස්වල්පයක් එයට දමා කොටා යුෂ මිරිකා තෙල් සිඳින්න. එම තෙල් පිළිස්සුම් තුවාලයේ ගාන්න.

නාසයෙන් නිතර සොටු දියර ගලයි නම්

සුදුහඳුන්, සූදුරු, කලාඳුරු, නාමල් රේණු, වැල්මී සම සමව ගෙන සිනිඳුව අඹරා නාසයට උරන්න.

වමනයට

සාදික්කා, දෙහි ඇඹුලෙන් ගලගා දෙන්න. ඊටම කරාබු නැටි සාදික්කා එක තරමට ගෙන තම්බා බොන්න.

අර්ශස් රෝගයට

කළු උක් පුරුක්, හාතාවාරිය අල, නෙල්ලි රසකිඳ, කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා පත බාගය බැගින් උදේ සවස මී පැණි දමා බීම ගුණදායකයි. ශුද්ධ රත්නෙටොල්, අරළු, අමු ඉඟුරු කසාය කර යවකාර ලුනු සමඟ බීම. වියළි අර්ශස්වලට ගුණ දෙයි. දෙහි, කරල් හැබ කල්ක කොට හාල්පානයෙන් බීමෙන් ලේ යන අර්ශස් නතර වේ.

ඇස් රුදාවට

කොහොඹ දලු තම්බා එම වතුරෙන් ඇස් සෝදන්න. පිරිසුදු වැහිවතුර 1/4 කට සීනක්කාරං කළඳක් කුඩු කර දමා දවසට දෙතුන් වරක් ඇසට වත්කරන්න.

දදවලට

කරවිල කොළ ගෙන දෙහි ඇඹුලින් අඹරා, දදය මත ගාන්න. රත්හඳුන් පුළුස්සා අළු ගෙන මී පැණි මිශ්‍රකර අනා දදය මත තවරන්න. ඇත්තෝර කොළ, අත්කහ සමඟ අඹරා දදය මත තවරන්න.

ඇඟිලිකරු වනවී ඇත්නම්

අමු පොල් කොළ පුච්චා පොල් තෙලෙන් අනා ගාන්න. මදුවැල් අඹරා ගාන්න. ගොරක මැලියම් තුවාලයේ ගාන්න.

බල්ලෙක් සපා කෑ විට

පිස්සු බල්ලෙක් නොවන්නේ නම් මුරුංගා දළු හුණු අවශ්‍ය පමණ ගෙන අඹරා ගාන්න. තුවාලය පැස වූ පසු බත් කබලේ බැද තලතෙල් සමඟ අඹරා තුවාලයේ ගාන්න.

කාම ශක්ති චූර්ණය

වැල්මී, අමුක්කරා, කිරිබදු අල, ගොකටු, බින්තල, ජටාමාංශ, හාතාවාරිය, වඳුරු මෑ, නෙල්ලි, ඉඹුල්ලාටු යන මේ බෙහෙත් වර්ග සමව ගෙන සමබරව පිටි සීනි එක්කොට කලවම් කර උදයට කලං 3 ක් මී පැණියෙන් ද රාත්‍රියට එළකිරෙන් තුන් කලඳක් ද මෙම බෙහෙත ගැනීමෙන් ධාතු වර්ධනය වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.