බලය වඩන අගනා ඔසුව වඳුරු මෑ

ජනවාරි 11, 2019

ස්නායු දුබලතා නසා ශරීර ශක්තිය හා බලය ලබාදෙන ඖෂධ යෝගවලදී නැතුවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් වඳුරු මෑ හැඳින්විය හැකිය.

මෙය යම් කිසි ආධාරයක පැතිරී වැඩෙන වැලක් වන අතර මෙහි පොකුරු වශයෙන් කරල් සෑදෙයි. මෙම කරල්වල පිට පොත්ත වඳුරෙකුගේ සමෙහි රෝම පවතින්නාක් ලෙස කළු පැහැයෙන් යුතු බූවකින් ආවරණය වී තිබේ. මෙම ලතාව සඳහා සංස්කෘත බසින් යෙදෙන කපි කච්ඡු සහ වාතරී යන පර්යාය නාම නිසා මෙයට වානර හෙවත් වඳුරන්ගෙන් සම්බන්ධයක් ඇති බව දැකිය හැකිය. මෙනිසා වඳුරු මෑ’ යන හෙළ වදන නිර්මාණය වී ඇති බව පෙනී යයි. ආහාරයට මෙන්ම ඖෂධ පිණිස ද ‘වඳුරු මෑ’ ප්‍රයෝජනවත් වන අතර මෙහි ඇති කරල් ඒ සඳහා උපයෝගී වෙයි. මෙහි පවතින ඇට මත්වන ගතියෙන් යුතුවන අතර මේවා ඖෂධීය වශයෙන් මාත්‍රානුකූලව ගැනීමෙන් ශරිරික ශක්තිය හා බලය ලැබෙන බව දක්වා තිබේ. මෙම කරල බූව සහිත ගතියෙන් යුතු නිසා එහි බූව ශරීරයෙහි ස්පර්ශ වුණු විට කැසීමට පටන් ගනියි.

වඳුරු මෑ වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

ඝර්ම කලාපීය සහ උප ඝර්ම කලාපීය රටවල වියළි සහ අතරමැදි කලාපවල තරමක් සුලබව දැකිය හැකිය. විශේෂයෙන් ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවලද, මියැන්මාරය ආදි රටවල ද ශීත නොවන ප්‍රදේශවල දැකිය හැකිය.

ත දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ අධික ශීත නොවන ප්‍රදේශවල දැකිය හැකිය. මෙහිදී හපුතලේ, මහියංගණය, මහනුවර සහ නාඋල ප්‍රදේශවලද පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, ගිරාඳුරුකෝට්ටේ, හල්දුම්මුල්ල, පල්ලෙකැලේ ආදි ඔසු උයන්වලද දැකිය හැකිය.

ත වඳුරු මෑවල ස්වරූපය

වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතුපතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලකි. කරල් පොකුරු වශයෙන් හටගනියි. එසේ හටගනු ලබන කරල් බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැත.

එහෙත් බෝංචි කරල්වලට වඩා රළුය. හොඳට පැසුණු කරල්වල පිට පොත්ත කළු පැහැයෙන් යුතුය. මෙම කරල්වල පිට පොත්තෙහි වඳුරෙකුගේ සමෙහි පවතින රෝම වැනි කළුපාට දිග බූවක් පවතියි. මෙය තරමක් රළු වන අතර මෙය ඇඟෙහි ගෑවුන විට කසන ස්වභාවය පවතියි. එසේම ලපටි කරල් බෝංචි කරල් මෙන් කොළ පැහැතියි. මෙහි ඇටද මෙම පැහැයම ගනියි. වැලකින් කරල් රාශියක් ලබාගත හැකිවේ. වැල්වල මල් හටගැනීම ජනවාරි, පෙබරවාරි සහ අපේ‍්‍රල් මාසවල සිදුවෙයි.

වඳුරු මෑ පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

ත පොදු සිංහල නාම

වඳුරු මෑ වන අතර

ත සංස්කෘත බසින්

ආත්ම ගුප්තා , ස්වයං ගුප්තා ස්වගුප්ත, ශුක ශිම්බී , වානරී ,කපිකච්ඡ්‍ර, කණ්ඩුරා, වෘෂ්‍යා, වාතාරී, රෝමවල්ලී ,දුඞස්පර්ශා, වරාහිතා, තීක්ෂණ .ලාඕගලී ආදි නාම රාශියක් වෙයි.

ත මේ අතුරින්

කණ්ඩුරා - කරල් ස්පර්ශ වූ විට කසන හෙයින්ද

වෘෂ්‍යා – වෘෂ්‍ය ගුණ ඇති බැවින්ද

වාතාරී – වාතය නසන හෙයින්ද

රෝම වල්ලී – ශාකයේ බූවක් ඇති බැවින්ද

දුඞස්පර්ශා – ඇටයේ බූව කසන නිසා ඇල්ලීමට අපහසු හෙයින්ද යෙදේ.

ත හින්දි බසින් වඳුරු මෑ සඳහා

කේවාංච, කෞංච යන නාම යෙදෙන අතර

ත වංග බසින් –

ආල්කුශී යනුවෙන්ද

දෙමළ බසින් :–

පුනා ඉක්කාලි යනුවෙන්ද

ත ඉංගී‍්‍රසි බසින්

ඛ්ධඹ ඩ්චඨඥ නතචදබ,ඛ්ධඹ ධ්බජඩ නතචදබ යන නාමයන්ද යෙදේ.

ත උද්භිද විද්‍යාත්මක නාමය

ර්භජභදච නපභපඪඥදඵ (ඹ්) ච්.ඛ් වන අතර

කුලය ඹ්ඡ්ට්උර්ධ්ව්ර්‍ණඉඒඡ් හෙවත් ශිම්බී කුලය වන අතර

උපකුලය – ර්‍ථඒර්‍ථධ්ඹ්ධ්ර්‍ණව්ර්‍ණධ්ච්ඡ්ඒඡ් කුලය වෙයි.

වඳුරු මෑවල ඖෂධීය අංග

බීජ, මුල්, කරල් සහ රෝම ආදියයි.

කථිකාචාර්ය වෛද්‍ය 
මධුර පරණවිතාන
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.