කය වෙහෙසා වැඩ කරන අයට ගුණදායක උඳු

අගෝස්තු 21, 2020

සැපවත් ජීවිතයකට මූලික වන කරුණු අතර, පෝෂ්‍යදායි ආහාරවලට මුල් තැනක් හිමිවේ. ආගමික ජාතික හා සංස්කෘතික වශයෙන් ද මේ මතය සනාථ වන අයුරු දැක්විය හැකිය. පෝෂ්‍යදායි ධාන්‍ය ආහාර අතරින් උඳුවලට හිමිවනුයේ ප්‍රධාන තැනකි. දෙමළ භාෂාවෙන් උලුඳු වශයෙන් හැඳින්වේ. දෙමළ ජනතාව උලුඳු සඳහා විශේෂ පි‍්‍රයමනාපතාවයක් දක්වති. 

පෝෂ්‍යජනක ශක්ති ජනක ආහාරයක් වන උඳු අපේ මාංශපේෂින්ගේ වර්ධනයට ශරීරයේ ධාතුබල වර්ධනයට ලැබෙන්නේ සුවිශේෂී ශක්තියකි. 

උඳු අපේ ආහාරයට භාවිත කර ගනු ලබන්නේ ඉතාමත් අවම වශයෙනි. 

උඳුවල විටමින් ඒඕ1,ඕ2,ඕ5  සහ යකඩ කැල්සියම් අන්තර්ගතව ඇත. කෙටියෙන් කිවහොත් උඳු ධාන්‍ය ගැන අපි දැනුවත් නැත. අපේ වැඩිහිටි පරපුර ගැන සාම්ප්‍රදායික ආහාර පිළිබඳ තිබූ දැනුම් සම්භාරය නවීකරණය වූ සමාජය තුළදක්නට නැත. උලුඳු නොහොත් උඳු ධාන්‍යයෙහි අන්තර්ගත පෝෂණ ගුණය පිළිබඳව අපි දන්නේ නම් අපේ ආහාර වේලෙන් උඳු ඉවත් කරනු ලබන්නේ නැත. ඇල්බියුමින් නම් ශරීරයට අත්‍යවශ්‍ය විශේෂ ධාතු කොටස් වල මූල ද්‍රව්‍යයක්ද මෙහි ඇත. 

ස්නායු ශක්තිය වර්ධනය සඳහා කෘත්‍රිම විටමින් බී භාවිතා කරනු වෙනුවට උඳු මිශ්‍ර ආහාර ගැනීම ඉතා පලදායක වේ. 

උඳු ඇටවල පෝෂණීය තෛල පදාර්ථ ඇති හෙයින් විටමින් ඊ අඩංගුය. ලිංගික ශක්තිය වැඩීමටත් දරුවන් නැති කාන්තාවන්ට දරු සම්පත් ලබා ගැනීමටත් විටමින් ඊ පෙති ගිලීම අද දක්නට ඇත. 

නිතර උඳු ඇට මිශ්‍ර ආහාර ගනු ලබන්නේ නම් විටමින් ඊ ප්‍රතිශක්තිය මෙම ධාන්‍යයෙන් ලබාගත හැකිය. උඳු මිශ්‍රිත ආහාර නිතර භාවිතයෙන් මල මුත්‍රා හොඳින් පිටවේ. 

බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන අයගේ දැවෙන කාය ශක්තිය යළිත් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය. එබදු අය විශේෂයෙන් සිය ආහාර සඳහා ගත යුතු වන්නේ ඉක්මනින් දිරවන සුළු ආහාර නොවේ. ඉක්මනින් දිරවුවහොත් බඩගින්න ඉක්මනින් මතුවේ. මේ නිසා කාය ශක්තිය වැඩියෙන් ක්ෂය කරන අයට උඳු මිශ්‍ර කෑම වඩා ඵලදායි වේ. ලෝකයේ දැනට වෙසෙන මිනිස් වර්ගයා අතරින් වැඩි වශයෙන්ම කාය ශක්තිය මෙහෙයවන වැඩ කරන්නේ දෙමළ ජාතිකයන්ය. මහ පොළොව ඔවුන්ගේ ආර්ථික රටාවේ මූලික පදනමයි. 

උඳු දෙමළ ජාතිකයාගේ ආහාර අතර ප්‍රධාන වේ. ඔවුහු උඳු මිශ්‍ර කර ගනිමින් තෝසේ ප්‍රධාන ආහාර වර්ග සකස් කරගනු ලබති. තම ශ්‍රමය වැඩියෙන් වැය කරන අගනුවර කම්කරුවන්ගේ ප්‍රධාන ආහාරය පාන් නොව උඳුවලින් සකස් කළ තෝසේ බව අපි නොදන්නවා නොවේ. වත්මන් වෙළෙඳ රටාව තුළ උඳු තෝසේවලට මිශ්‍ර කර ඇති බවද රහසක් නොවේ. උඩරට වතුරයේ කාන්තාව උඳු ආශි‍්‍රතව “උඳු කැරලි“ නමින් කෑමක් සෑදු අතර එම කෑම වර්ගය අද අභාවයට ගොසිනි. 

මව්කිරි දෙන මව්වරුන් උඳු කන්නේ නම් මව්කිරි වර්ධනය වේ. පුරුෂයින්ගේ ලිංගික බෙලහීනතාවයටද උඳු ආහාර ගැනීම ඉතා යෝග්‍යයයි. ශුක්‍ර ධාතු වර්ධනය කර ශුක්‍ර බීජ හොඳින් වැඩීමේ ශක්තියක්ද උඳුවල ඇත. උඳු ආහාර ස්ත්‍රී පුරුෂයින්ගේ ලිංගික හෝමෝන වර්ධනය කරයි. කාන්තාවන්ගේ ගර්භාෂය පෝෂණය කර ශක්තිමත් කරයි. 

දරුවන් නොපිළිසිඳ ගත් මව්වරුන්ට දරු සම්පත් ඇතිකරලීමට ද උඳු ආහාර සමත් වේ. ලිංගික ක්‍රියාවලිය නිසි ආකාරයෙන් ලබාදෙන උඳු ආහාර පරපුරේ ඉදිරි පැවැත්ම සඳහා ප්‍රධාන සාධකයක් වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.