වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
නීරෝගිභාවයට මූලික හේතුවක් වන්නේ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමයි. එවැනි පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීම කෙසේ වෙතත් වර්තමාන ආහාර රටාව අප රෝගීන් බවට...
2023-12-14 18:30:00
HIV ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමත් සමඟ HIV ආසාදනයෙන් පෙළෙන්නන් සමාජයේ කොන්වීමට ලක්විය. HIV ආසාදිතයන්ට කිසිදු වෙනසකින් කොන්...
2023-12-07 18:30:00
බණ්ඩාරගම නිලූකා පතිරණ මිය ප්රශ්නයමගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙසේද? ඔහු උසස් පෙළට තෝරා ගත යුත්තේ කවර විෂයයන් ද, මේ දිනවල ඔහුට අපල...
2023-11-30 18:30:00
අපේ රට ඉපැරැණි වෛද්‍ය උරුමයක් පැවති රටක් බවට වාදයක් නැත. භාරතයේ පවා හමු නොවන පුරාතන රෝහල්වල නටබුන් අපේ රටේ බොහෝ තැන්වලින් මතුවීම මේ සඳහා වූ සුවිශේෂ...
2023-11-30 18:30:00
මුඛය යනු සෞඛ්‍යයේ කැඩපතයි. පිරිසක් ඉදිරියේ කතා කරන විටදී මුඛය වසාගෙන කතා කිරීම සමහරුන්ගේ සිරිතයි. එයට හේතුව ඔවුන් තමාගේ කටේ දුගඳ අන් අයට නොදැනීම සඳහා...
2023-11-23 18:30:00
යටිබඩේ වේදනාව, තුනටියේ ඇම්ම සහ ඇඟපතේ වේදනාව, නාභියේ සිට මූත්‍රා මාර්ගය දක්වා ඉඳිකටුවකින් අනින්නාක් වැනි ඉවසිය නොහැකි වේදනාවක් හටගැනීම, වරින්වර හිසේ...
2023-11-23 18:30:00
කැෆේන් හා කෝලා පාන, චොක්ලට් බහුල භාවිතය, දිනකට අඩු ජල ප්‍රමාණයක් භාවිතය එළවළු හා මැල්ලුම් ආහාර අවම ලෙස භුක්ති විඳීම වැනි තත්ත්වයන් අර්ශස් රෝගයට බලපාන...
2023-11-16 18:30:00
ගැස්ට්‍රයිටීස් තරුණ වියේ හා මැදිවියේ අයට බෙහෙවින් බලපාන රෝගයකි. එය පාසල් දරුවන්ටද විශේෂයෙන් බලපා ඇති රෝගයකි. එයට හේතුව වී ඇත්තේ දරුවන්ට නිසි වෙලාවට...
2023-11-16 18:30:00
මේ වර්ෂා කාලගුණය සමයේදී වෛරස් උණ බෙහෙවින් පවතින අතර දරුවන් බොහෝ දෙනෙක් එයට ගොඳුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. වෛරස් උණ ඕනෑම වයස් කාණ්ඩයකට බලපාන නමුත්...
2023-11-16 18:30:00
සෙම් වා පිත් යන ත්‍රිදෝෂයන්ගේ පාලනය යටතේ රුධිරයේ අනුග්‍රහයෙන් ශරීරය පවත්වාගෙන යයි. සෙම්, වා, පිත් යන තිදෙනාම මොනම වෙනස්වීමක් හෝ විකෘතියක් හෝ නොමැතිව...
2023-11-16 18:30:00
අපස්මාරය, වලිප්පුව, මී මැස්මොරය, එහෙමත් නැත්නම් ෆිට් එක යනු කියූ සැණින් බියට පත්වන රෝගී තත්ත්වයක්. මෙය කොච්චර සුලභ රෝගී තත්ත්වයක් වුණත් ඒ සම්බන්ධව සහ...
2023-11-09 18:30:00
දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තරම් පැරණි වෛද්‍ය ශාස්ත්‍රයක් ලොව අන් රටක නැත. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති සමීප සම්බන්ධතාව මත භාරතයේ උපන් ආයුර්වේදයේ...
2023-11-09 18:30:00
දියවැඩියා රෝගයට බෙහෙත් ගන්නවා වගේම කෑමෙන් බීමෙනුත් ප්‍රවේසම් විය යුතුය. සමහර රෝගීන් කියන කරුණක් තමයි බෙහෙත් ගත්තට තවම ගුණයක් නැහැ කියන එක. ඒකට හේතුව...
2023-11-09 18:30:00
වියපත් වීමේ ක්‍රියාවලිය හා බැඳුණු ශාරීරික හා මානසික හේතු නිසා වැඩිහිටි පුරවැසියන් කෙරෙහි තම පවුලේ මෙන්ම සමාජයෙහි අවධානය අඩු වීම, රෝගී වීම, ආර්ථික...
2023-11-02 18:30:00
සන්ධි ආශි‍්‍රතව වැලඳෙන රෝගීතාවයන් බොහොමයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරණයන්ය. නිවැරැදි ඉරියව් භාවිතය හා නිවැරැදි ආහාර පුරුදු...
2023-11-02 18:30:00
අර්ශස් යනු, ගුද මාර්ගය තුළ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයකි. මේවාට හොඳ රුධිර සැපයුමක් තිබෙන බැවින් තුවාල වීම නිසා ලේ පිට වේ.මේවා විශාල වූ විට ගුද...
2023-10-26 18:30:00