රෝග රැසකට හේතු වන සෙම් කෝපය

නොවැම්බර් 17, 2023

සෙම් වා පිත් යන ත්‍රිදෝෂයන්ගේ පාලනය යටතේ රුධිරයේ අනුග්‍රහයෙන් ශරීරය පවත්වාගෙන යයි. සෙම්, වා, පිත් යන තිදෙනාම මොනම වෙනස්වීමක් හෝ විකෘතියක් හෝ නොමැතිව සමව සිටිනතාක් නීරෝගිව සිටිය හැකිය. එහෙත් එක් වෙනස් වීමක් හෝ සිදු වුවහොත් රෝගී තත්ත්වයකට පත්වේ. වාත පිත්ත කඵ යන ත්‍රිදෝෂයන්ගෙන් වන්නා වූ මෙම රෝගාබාධ හටගැනීම වැළැක්විය නොහැකිය. සෙම හේතුවෙන් වන ප්‍රධාන කරුණ වන්නේ රෝගී තත්ත්වයට පත්විමයි. වැඩිහිටි බොහෝ දෙනකු රෝගීන් බවට පත්ව කායිකව මෙන්ම මානසිකවද පීඩා විඳින්නේ නොසැලකිලිමත් භාවය හේතුවෙනි.

එයට එක් හේතුවක් වන්නේ සමහරුන් නොයෙකුත් වර්ගයේ විෂ මත්පැන් පානය කිරීමයි. එවැනි සමහර මද්‍යසාර සෙම වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. මෙසේ මද්‍යසාර නිසා ඇතිවන විජලනය සමනය කිරීමට රුධිර නාළිකා ක්‍රියාත්මක වේ. ඉන් ශ්ලේෂ්මල වැඩිවැඩියෙන් ක්‍රියාත්මක වේ. සමහර විට විෂබිජ නිසාත් හටගන්නා සෙම විෂ බීජ විනාශ වී යාමෙන්ද අවසන් විය හැකිය. එහෙත් අසත්මිකතාව හේතුවෙන් ඇති වන සෙම ලෙහෙසියෙන් සමනයවීමක් සිදු නොවේ. අසාත්මික වීමක් ඇති වීමට කෑම බීම පමණක් නොව වායු දූෂණය මෙන්ම පාරිසරික හේතූන්ද බලපායි. යම් හෙයකින් අධික වූ අසාත්මිකතාවයට ලක් වීමෙන් ඇදුම රෝගී තත්ත්වයකට පවා පත්විය හැකිය.

සෙම් රෝගියකු කතා කරන විට යම් දෝෂාකාර ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි ඝනකම, ආහාර නොපැසවීම, ඉදිමීම, නින්ද අධිකවීම, ශරීරාංගවල වේදනාව ශරීරයේ බරගතිය, ඇතිවේ. ඝන වූ සෙම නිසා නිතරම කහින ගතියක් ඇතිවේ. එසේ එන කැස්සෙන් එළියට දමනු ලබන්නේ සුදුරුධිරානු සහිත ශ්ලේෂ්මලයි. සමහර අවස්ථාවකදී සෙම කහපාට වර්ණයෙන්ද පිට වේ. එසේ සෙම පිටකරන්නේ නම් ඇදුම පීනස වැනි රෝගාබාධවලට ද හේතුවිය හැකිය. මෙසේ පිටකරනු ලබන සෙම වෙනත් පාටකින් තිබෙන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ විෂබීජ තත්ත්වයක් පවතින බවයි. සෙම දුඹුරු පැහැයෙන් හෝ රතු පැහැයෙන් පවතින්නේ නම් ශරීරගත විෂබීජයක් එයට හේතුවන බවයි. කෙසේ වෙතත් සෙම් රෝගී ලක්ෂණ ඇතැයි පෙනෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. එසේ නොගොස් සිටියහොත් ඇදුම, පීනස වැනි රෝග පමණක් නොව සෙම ආශි‍්‍රතව වැලඳෙන වෙනත් රෝග පවා වැලඳිය හැකිය. සෙම කෝපවීමෙන් නළලට තද වේදනාවක් දැනේ. වරින් වර තද හිසරදයක්ද ඇතිවේ. කඩින් කඩ හෝ නොනවත්වාම කිවිසුම් යාමක් මෙන්ම තද බඩගිනි ගතියක්ද ඇතිවේ. ඇස් යට වේදනාව හා උගුර කැසීමක්ද ඇතිවේ.

අනුන් නුරුස්සන ගතියක් මෙන්ම නිතර කේන්ති යෑමක්ද ඇති වේ. සෙම දුගඳ හමන ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි දැඩි බව කැසීම හා බරගතියක්ද ඇතිවේ. සෙම නරක් වූ විට ස්වසන ජවර හැදෙයි. ජ්වර නාසය එකවර ඇතිවීම රෝගාරම්භයයි. සාමාන්‍ය වශයෙන් ප්‍රතිශ්‍යාව වැලඳුණු විට සමහරුන්ට සන්ධි කැක්කුම ද එයි. සෙම කෙළ හා පිටවීම මුලදී අඩු වුවද කෙමෙන් කෙමෙන් වැඩිවේ. රෝගියා හුස්ම ගැනීම පවා කරනුයේ පපුවට අත පවා තබාගනිමිනි. ළමා කාලය සෙම බලවත් වන කාලයයි. තරුණ විය පිතට හිතවත් වෙයි. මහලු විය වාතයට හිතවත් වෙයි. සෙම ශරීරය තුළ පිරුණු බව හා බලය ඇති කරයි. ශරීරය තර කරනුයේ සෙම් වර්ධනයෙනි. සෙම පෙණහලු ශ්වාසනාල හිස ආමාශය මේදස් ශුක්‍ර ආදී ස්ථානයන්හි සෙම කෝප වූ විට සමෙහි දැඩි බව, කැසීම බර බර ආදීන් සිදුවේ. පණු රෝග නිසා දරුවන්ට සෙම ඇතිවිය හැකිය. ඒ ගැන වඩාත්ම සැලකිලිමත් විය යුතු ය. පපුවේ සෙම යනුවෙන් හඳුන්වන පෙණහැල්ලේ ඇතිවන ආසාදන බොහෝ විට ඇති වෙන්නේ වෛරස් නිසාවෙනි. පෙණහලු ආසාදනය කළ හැකි වෛරස් වර්ග බොහොමයක්ම ඇත. බැක්ටීරියා ආසාදනවලිනුත් සෙම් රෝග ඇතිවේ. කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම උණ හුස්ම ගැනීමේ වේගය සමහර ලක්ෂණයයි. සෙම් රෝගයක් වැලඳුණු දරුවකුට නිවසේ දී වැඩිපුර දියරවර්ග දියයුතුය. සෙම පපුවේ ඇති බව දැනෙන්නේ නම් නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු ය.

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.