වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
තරංගවලින් රෝග සොයා පිළියම් කරන ජෛව අනුනාදකය
අපේ රට ඉපැරැණි වෛද්‍ය උරුමයක් පැවති රටක් බවට වාදයක් නැත. භාරතයේ පවා හමු නොවන පුරාතන රෝහල්වල නටබුන් අපේ රටේ බොහෝ තැන්වලින් මතුවීම මේ සඳහා වූ සුවිශේෂ සාක්ෂි සපයනු ඇත. එකී පුරාතන වෛද්‍ය ශාස්ත්‍රය බිහි වූ පෙරදිග ලෝකයේ අතින්ද්‍රිය හැකියාවන් සහිත සෘෂි ආචාර්ය පරම්පරාවක් විසින් සිද්ධාන්ත හා පිළිවෙත් ගොඩනඟා ඇති මුත් අද අපට එවන් හැකියාවන් නොමැති හෙයින් එවැනි සියුම් විනිශ්චයන් වෙත යෑම සඳහා බටහිර තාක්ෂණික මෙවලම් භාවිතයට ගැනීමට සිදු වී තිබේ.
පුරාණ බටහිර ලෝකයේ පෙරදිග මෙන් මූලික අවශ්‍යතාවන් හතරක් නොවීය. ආහාර, ඇඳුම්, වාසස්ථාන යන අවශ්‍යතා පැවතියද පෙරදිග මෙන් ගිලානප්‍රත්‍ය හෙවත් බෙහෙත් අවශ්‍යතාවන් නොතිබිණි. ඒ සමාජයේ රෝගී වූ විට පවත්නා එකම පිළියම යාඥාව (ච්ර්‍ණඛ්ඊඅධ්ව්ඡ්) යි. කිතුණු ධර්මයට අනුව කෙරෙන යාඥාව දන්නා අය ඩොක්ටර් විය. ගී‍්‍රක සභ්‍යත්වයේ පැවති ශාක සාර භාවිතය ඇසුරින් බටහිර ලෝකයට වෛද්‍ය ක්‍රමයක් ලැබීමත් සමඟ එහි විසූ යාඥා කරන්නා වෛද්‍යවරයා බවට පත්විය. ඒ අනුව යමින් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන් ද අද වන විට ‘ඩොක්ටර්’ ඇමතීමට ඇතැමුන් පුරුදු වී ඇති අයුරු අපි දකින්නෙමු.
පෙර විසූ සෘෂිවරුන් මනුෂ්‍ය ශරීරය විනිවිද දකිමින් විවිධ රෝගාබාධයන් විනිශ්චය කරමින් ඒවාට අදාළ වන පිළියම් සංග්‍රහ කර තැබීමෙන් පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයන් අපට උරුම විය. එසේ වුවත් අද පවත්නා සමාජ වටපිටාව ඔස්සේ බටහිර මෙවලම් නොමැතිව රෝගාබාධ විනිශ්චය පහසු හා සරල නොවන තත්ත්වයක් උදාවී තිබේ. එහිදී පෙර ශරීරයේ විවිධ ස්ථානයන්හි පවත්නා ශක්ති ස්වභාවයන් හඳුනා ගැනීමේ රෝග විනිශ්චය මෙන්ද තවත් සුව කිරීමේ (ඩ්ඡ්ඒඹ්ධ්ව්ට්) ක්‍රමවේදයන්හිදී අත්ල හෝ ඇඟිලි යොදා ගනිමින් කරන රෝග විනිශ්චය මෙන්ම ක්‍රමවේදයන් රැසක් වර්තමානයේ විවිධ යන්ත්‍ර ඇසුරෙන් ගොඩනැඟී තිබේ.
ශරීරයේ පවත්නා විවිධ කොටස් හෙවත් අවයවයන්හි මෙන්ම ඊටත් වඩා සූක්ෂ්ම ස්ථාන (ලක්ෂ්‍යයන්) උපකරණ භාවිතයෙන් අධ්‍යයනය කරමින් ඒ ඒ ලක්ෂ්‍යවල පවත්නා ජෛවමය කම්පන ස්වභාවයන් විමර්ශනය කිරීම මේ උපකරණ භාවිතයෙන් සිදුවේ.
මෙසේ ඒ ශරීරයේ ඒ ඒ ලක්ෂවල පවත්නා විවිධ අනුනාදවීම්හි පවත්නා සුවිශේෂ තරංගමය වෙනස්වීම් අනුව ඇති වන ව්‍යාධීන් නිර්ණය කිරීම මෙහි සිද්ධාන්තය වෙයි.
මෙහිදී පොදුවේ ලෝකයේ පවත්නා ගතානුගතික ඖෂධමය ක්‍රම ශිල්ප වෙනුවට ජෛව අනුනාදයන් (ඕධ්ර්‍ණ - අඡ්ඉර්‍ණව්ඒව්ඛ්ඡ්) යොදා ගනිමින් රෝගාබාධ වටහා ගැනීම සිදුවේ. මේ අනුව බොහෝ දෙනා විමසා සිටින්නේ මේ ජෛව අනුනාදයන් යොදාගෙන රෝග විනිශ්චයන් හා පිළියම් තෝරා ගන්නේ කෙසේද යනුයි.
මේ පිළිබඳව පොදුවේ කිව යුත්තේ නිදන්ගත රෝගයන් මෙන්ම විවිධ ආසාදන අසාත්මිකතා, විවිධ ක්ෂුද්‍රජීවී බලපෑම් ආදිය ද රෝගාබාධයන් බවට පත් වන විට මෙකී යන්ත්‍ර භාවිතයෙන් රෝග හඳුනා ගැනීමත්, පිළියම් සිදු කිරීමත් කළ හැකි බවයි. මෙහිදී අවයව පමණක් නොව ඉන්ද්‍රිය පද්ධතිය ද පත්ව ඇති බරපතළ තත්ත්වයන් වටහා ගැනීම කළ හැකි වේ.
අප අද කතා කරන ජෛව අනුනාද චිකිත්සක යන්ත්‍රය වර්තමානයේ විකල්ප වෛද්‍ය ශිල්පයක් ලෙස භාවිත වුවද නොබෝ කලෙකින් මෙවැනි මෙවලම් පොදු වෛද්‍ය ක්ෂේත්‍රයේ සම්මත උපකරණ බවට පත්වීමේ විභවයක් පවත්නා බව නිසැකයි.
මෙහිදී උපකරණයෙන් ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට වෙන වෙනම පරීක්ෂා කිරීම සිදු කළ හැකිය. එවිට එහි ස්වභාවික ජෛව අනුනාදයේ ස්වභාවයන් වර්තමානයේ පවත්නා වෙනස්කම් ආදියත් විනිශ්චය කළ හැකි වේ. ඒ අනුව හට ගත හැකි බරපතළ රෝග තත්ත්වය කවර ආකාර වන්නේ දැයි වටහාගත හැකි වේ. මෙකී සංකීර්ණ ජෛව ක්‍රියාකාරීත්වය අතිශය සරල දෘෂ්‍ය රූප ඇසුරින් ලබා දෙන බැවින් අපගේ නිරීක්ෂණයන් වටහා ගැනීම පහසු වෙයි.
එයින් පසු කනේ රඳවා ගන්නා මෙවලමක් ආධාරයෙන් කෘත්‍රිමව, ප්‍රතිකාරාත්මකව අනුනාදයක් ශරීරයේ ඇති කරනු ලබයි. එවිට ඒ ඒ ඉන්ද්‍රියන්ගේ පැවැති ජෛව අනුනාදිය අපගමනයන් හෙවත් ඉන්ද්‍රියයන්ගේ වන රෝගාබාධයන් කෙමෙන් වෙනස් වන්නට පටන් ගනී. ප්‍රතිකාරයෙන් පසු නැවත නැවතත් පරීක්ෂා කරමින් ප්‍රතිඵලයන් අධ්‍යයනය කළ හැකිය.
එහිදී වාර ගණනාවක් මේ ජෛව අනුනාදී ප්‍රතිකර්මය ලබාදීම උචිත නොවේ. එය සිරුරේ ජෛව ක්‍රියාවලියට අනවශ්‍ය තරම් බලපෑමක් එහිදී ඇති කළ හැකි බැවිනි. මේ හේතුව නිසා වරක් ප්‍රතිකාරය සිදුකර කාලයක් යන්නට හැර යළිත් ප්‍රතිකාරය සිදු කළ හැකි යි.
එසේ නැතහොත් ඉන්ද්‍රියන්ගේ හටගත් ආබාධයන් හඳුනාගත් පසු අපට වඩාත් විශ්වසනීය ප්‍රතිකාර හා රෝග විනිශ්චයන් වෙත යොමුවීමක් ද සිදු කළ හැකිය. ආරම්භක රෝග විනිශ්චයක් ලෙස වුව මෙය සිදු කිරීම මිල අධික පරීක්ෂණ වෙත නොගොස් සිදු කිරීම ආර්ථික වශයෙන්ද යහපත් වේ.
මෙකී ජෛව අනුනාදීය ශිල්ප ක්‍රමය ඔස්සේ ශාරීරික රෝගාබාධයන් මෙන්ම මානසික, භාවමය හා ආධ්‍යාත්මික ස්වභාවයන්ද විනිශ්චය කිරීමේ විකල්ප අවස්ථාද දක්නට ලැබේ.
අපේ රටේ මෑතක සිට ජනපි‍්‍රයව ආ ශක්ති ශරීරවල (ඒඋඅඒ) ස්වභාවය මැන බැලීමටද මෙහි පහසුකම් සලසා තිබේ. ඒ අනුව ශක්ති ශරීරයේ පැවතිය යුතු හැඩය, වර්ණය ආදී ස්වභාවයන්ගේ වන වෙනස්කම් පිළිබඳවද මෙහිදී ගැඹුරින් අධ්‍යයනය කළ හැකියි.
සාමාන්‍යයෙන් ශක්ති ශරීරය (ඒඋඅඒ) බලගන්වන ක්‍රමවේදයන් අතර අපේ රටේ බහුල ආකාරයට ඇත්තේ විවිධ පාෂාණ වර්ග භාවිත කිරීමය. විවිධ සුව කිරීමේ ක්‍රමවේද ද විවිධ අවස්ථාවන්හිදී භාවිතයට ගත හැකිය. ඒ ක්‍රමවේදයන් දහයක් පමණ අඩු වැඩි වශයෙන් භාවිත වුවත් අද මේ හඳුන්වාදෙන ජෛව අනුනාදී ශිල්ප ක්‍රමය වඩාත් බටහිර විද්‍යාත්මක පැහැදිලි කිරීමකට පහසුව ඇති ආකාරයක් ලෙස හඳුන්වා දිය හැකිය.