වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපස්මාරය
අපස්මාරය, වලිප්පුව, මී මැස්මොරය, එහෙමත් නැත්නම් ෆිට් එක යනු කියූ සැණින් බියට පත්වන රෝගී තත්ත්වයක්. මෙය කොච්චර සුලභ රෝගී තත්ත්වයක් වුණත් ඒ සම්බන්ධව සහ කළයුතු ප්‍රථමාධාර පළිබඳ තිබෙන දැනුම අවමයි.
අපස්මාරය යනු අපේ මොළයේ පවතින සාමාන්‍ය විද්යුත් ක්‍රියාකාරීත්වය මානසික, කායික හෝ රසායනික වෙනසක් නිසා සුළු මොහොතකට අසාමාන්‍යය තත්වයට පත්වීමයි. එනම් මෙය ස්නායු රෝගයකි.
මෙහිදී අසාමන්‍යය පේෂි ක්‍රියාකාරීතවයක් ඇතිවෙන අතර සමහර විට මේ රෝගීන් එක පාරට බිම වැටී ඇස් උඩ ගිහින්, අත පය වේගයෙන් ගැහීමට පටන්ගෙන සිහිසුන් වේ. ඊට අමතරව අතපය දරදඬු වීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්‌ටුවීම, දිව තොල් සැපීම සහ ඇතැම් විට මුත්‍රා පිටවීම පවා සිදුවේ.
අපස්මාරය රෝගය විවිධ හේතු මත වැලඳෙන බව සොයාගෙන ඇත. ජානමය හේතු, මොළයේ ආසාදන, ශරීරයේ අයනවල වෙනස්කම්, ස්නායුවල උපතින්ම ඇතිවන අඩු වර්ධනය, උණ, හිසට ඇතිවන පහරදීම් හිසේ ඇතිවන රෝග තත්ත්ව, සමහර ඖෂධ, මත්පැන් හා විවිධ මානසික තත්ත්ව ඊට හේතුවේ.
කුඩා දරුවන්ට උණ වැඩිවීමෙන් ඇතිවන ෆිට් එක අපස්මාර රෝගී තත්වයක් ලෙස සලකා බොහෝ මවුපියන් බියට පත්වේ. නමුත් උණ ෆිට් එක සහ අපස්මාරය යනු එකිනෙකට වෙනස් රෝගී තත්ත්වන් දෙකක්. ඒ වගේම උණ ෆිට් එක බොහෝ විට ඉබේම නැතිවී යන නමුත් ඉතාම සුළු පිරිසකගේ පමණක් උණත් සමඟ අපස්මාර තත්ත්වය ඇතිවීම දීර්ඝ කාලීනව පවතින්න පුළුවන්.
අපස්මාරය රෝගියාට රෝගය වැලඳී අවස්ථාවේ සිදුවීම දුටු පුද්ගලයා දෙන තොරතුරු රෝග විනිශ්චයේදී ඉතාම වැදගත් වේ. මීට අමතරව ඡ්ඡ්ට් පරීක්ෂණය ද රෝග විනිශ්චයට යොදා ගැනෙයි. රෝගයට
ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගයට හේතුව සෙවීම ද, මේ රෝග තත්ත්වයේදී විශේෂ අවධානය යොමු කරන කරුණකි. රෝගයේ හේතුව මත ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි. ජානමය තත්ත්ව හේතු වූ රෝගීන්ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමට සිදු වේ.
අපස්මාරය පාලනය කිරීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුව ඇත. දිනපතා නිසි නින්දක් ලැබීම, අධික වෙහෙසකර සහ මානසික අසහනට හේතුවන රැකියා තෝරා නොගැනීම, මත්පැන් භාවිතය සීමා කිරීම ඒ සඳහා කළ යුතුය.
අපස්මාරය සහිත රෝගියෙකු උස් ස්ථානවලට නැඟීමේදී සැලකිලිමත් විය යුතුය. දිය නෑම වැනි ක්‍රියාකාරකම්වලදී ද ප්‍රවේසම් වන්න. ඇතැම් අවස්ථාවල මේ රෝගය වැලඳුණු විට අසල සිටින අය රෝගියාට යකඩ දීම, මුඛයට යකඩ දැමීම වැනි ක්‍රියාවන් සිදු කරයි. එවැනි ක්‍රියා මඟින් රෝගියාට වෙනත් අනතුරුවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින්න.
රෝගය වැලඳී ඇති අවස්ථාවකදී රෝගියා බිම හාන්සි කරවා වම් ඇලයට හරවා තබා පපුවේ සෙම පෙනහලුවලට නොයා පිටතට බැහැර වන්න ඉඩ සළස්වන්න. රෝගියා ඇඳක සිටී නම් ගැස්ම නිසා බිමට නොවැටී සිටින ලෙස ආරක්ෂාව තහවුරු කරන්න. විනාඩි 5කට වඩා වැඩි කාලයක් රෝගී තත්ත්වය පවතී නම් වහාම රෝහලට රැගෙන යන්න.
අපස්‌මාරය රෝගය වැලඳුණු පළමු අවස්‌ථාවේදීම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් නැවත රෝගය වැලඳීම පාලනය කරගත හැකිය. රෝගය වැලඳුන දින සිට වසර 2-5 ත් අතර කාලයක් අඛණ්‌ඩව ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු අතර ප්‍රතිකාර ගත යුතු කාලය රෝගයේ ස්වභාවය මත තීරණය වේ. අපස්මාරය සඳහා සිදුකරන ඖෂධ ප්‍රතිකාර නිසි සුදුසුකම් සහිත ස්නායු වෛද්‍යයවරයකු හෝ කායික වෛද්‍යවරයකුගෙන් ලබා ගැනීම ඉතා වැදගත් කරුණකි.
එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා
හෙද නිලධාරිනී
ජාතික ආයුර්වේද රෝහල
කොළඹ