වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
හන්දිපත් වේදනාව, හන්දිපත් කැක්කුම හෙවත් හන්දිපත් රුදාව බොහෝ විට වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනකු සැලකුවත් එය බාල, තරුණ, මහලු කොයි...
2023-10-26 18:30:00
පිත, සෙම, වාතය යන තුන්දොසින් වන රෝගද විෂම පරිහරණයෙන් වන රෝගද පෙර කළ කර්ම විපාකයෙන් වන රෝගද ආදී වශයෙන් හටගන්නා වූ රෝගයන් බොහෝ බව බුදුන් වහන්සේ දේශනා...
2023-10-26 18:30:00
ඩෙංගු රෝගය පිළිබඳව විශාල අවධානයක් මේ වන විට රටේ සෑම තැනකින්ම මතුවෙන්නට පටන්ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ඩෙංගු තත්ත්වය හැම ප්රදේශයකින්ම වාර්තා වෙමින්...
2023-10-19 18:30:00
උණුවතුර සේවනය, බටර් බෝංචි, කැරට්, ලීක්ස්, දඹල, තලනබටු, වැටකොළු, පතෝල, අළුකෙසෙල්, ගොටුකොළ, මුකුණුවැන්න, බෙහෙත් සාරණ (පිටසුදු සාරණ) මෙවැනි දේ...
2023-10-19 18:30:00
ඇඹුල් රස උගුරට ඒම, වමනය යෑම, දහඩිය දැමීම, උදරයේ වේදනාව, තොලකට වේලීම, අධික වෙහෙසකර බවක් ඇතිවීම, මළ බුරුල්ව ටිකින් ටික සැරෙන් සැරේට යෑම, බඩ පිපීමට...
2023-10-12 18:30:00
ලෝකයකට පණ දෙන්නට සොබාදහමේ වටිනාම ආහාරය වූ මව්කිරි නිපදවන්නට සොබාදහමෙන් දුන් දායාදයක් වන පියයුරු ජීවිතයට වටිනාකමක් හා පියකරු බවක් එකතු කරන්නට මිස...
2023-10-12 18:30:00
අපේ වකුගඩු යුගල මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කශේරුකාව දෙපස සමමිතිකව පිහිටා ඇත. දොළොස්වැනි උරස් සහ...
2023-10-12 18:30:00
දරුවන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනයට මහා ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපානු ලබන්නේ යකඩ බහුල, විටමින් බහුල හොඳ පෝෂණීය ආහාරයක් ගැනීමයි. හැදෙන වැඩෙන...
2023-10-12 18:30:00
රොබට් නොක්ස් ගමේ හැම කෙනෙක්ම වෙදකම් දන්නෝ යයි සඳහන් කළේය. සෑම ගැමියෙකුම කුමක් හෝ අත්බෙහෙතක් හෝ දනියි. ගමේ පන්සල් හාමුදුරුවෝද වෙදකම දනිති. උන්වහන්සේ...
2023-10-05 18:30:00
අධික ලෙස හිසකෙස් ගැලවී යාම අද බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වුවත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ සඳහා අවධානය යොමු කරනවා අඩුයි.ආයූර්වේද මතයට අනුව හිස කෙස්...
2023-09-28 18:30:00
වැසි කාලයේදී බෙහෙවින් පැතිර යන මී උණ හෙවත් ලෙප්ටොස් පයිරෝසිස් රෝගය බොහෝ ගම්බද ජනතාව හඳුන්වනු ලබන්නේ වෙල් උණ හෙවත් මඩ උණ රෝගය යනුවෙනි. මෙය සතුන්ගෙන්...
2023-09-28 18:30:00
අපගේ භෞතික ශරීරයත් සමඟ බැඳී පවත්නා ශක්ති ශරීරය හෙවත් ඕරාව පිළිබඳව මෑතක සිට අපේ ලාංකේය සමාජයේත් කිසියම් උනන්දුවක් ඇති වී ඇති බව පෙනේ. එසේම ශක්ති...
2023-09-28 18:30:00
සිනහ මුසු මුහුණින් කඩිසර ගතියෙන් කාර්යාලය තුළට ඇතුළු වන ගයත්‍රී එදින ආවේ වේදනාකාරී තත්ත්වයකින් බව ඇයගේ මිතුරියන්ට තේරුම් ගියේ ඇගේ හැසිරීම අනුවය. “ඒයි...
2023-09-21 18:30:00
අත් දෙකම හෝ එක අතක් හෝ උස්සන විට ඇතිවන වේදනාව සමහර අවස්ථාවලදී ඉවසන්න බැරි තරමේ වේදනාවක් ගෙන දෙනවා. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මේ රෝගී තත්ත්වය නිසා...
2023-09-14 18:30:00
මුත්‍රා ජනන පද්ධතියට යම්කිසි විෂ බීජයක් ඇතුළු වීම නිසා මුත්‍රා ආසාදනයන් ඇතිවේ. එනම් මුත්‍රා පද්ධතියේ ප්‍රධාන ඉන්ද්රියයන් වන වකුගඩු, මුත්‍රා නාළය සහ...
2023-09-14 18:30:00
අලුත උපන් දරුවන්ට රෝගාබාධ වැලඳීමට මූලික හේතුවක් වන්නේ මවගේ නොසැලකිලිමත් භාවයයි. දරුවා නීරෝගීව රැක ගැනීමට නම් මව කෑමෙන් බීමෙන් පරිස්සම් වනවා...
2023-09-14 18:30:00