කේශ කල්‍යාණය අකාල පලිත නොවීමට

සැප්තැම්බර් 29, 2023

අධික ලෙස හිසකෙස් ගැලවී යාම අද බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වුවත් කාර්‍යබහුල ජීවන රටාව නිසා ඒ සඳහා අවධානය යොමු කරනවා අඩුයි.

ආයූර්වේද මතයට අනුව හිස කෙස් යනු, අස්ථි ධාතුවටම අයත් කොටසක් බැවින් මනා කෙස් කළඹක් පවත්වා ගැනීම සදහා නීරෝගී අස්ථි පද්ධතියක් පැවතීම ඉතා වැදගත්ය. කොණ්ඩය පීරන විට හා ස්නානය කරන විට දිනකට කෙස් ගස් 50 - 100 ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගතයුතු වේ.

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාමට හේතු

හිස කෙස් ගැලවී යාම බහුලව දක්නට ලැබෙන තත්වයක් වන අතර, ඒ සඳහා ශරීර අභ්‍යන්තර මෙන්ම හිස් කබලේ නීරෝගීතාවයට බලපාන බාහිර හේතුන් ද සෘජුවම දායක වේ.

පිරිමි පුද්ගලයන්ට පරම්පරාවෙන් එන තට්ටය පෑදීම, හිස්සොරි, පොතුකබර, දිලීර වැනි හිස්කබල ආශ්‍රිත චර්ම රෝග, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වෙනස් වීම හා අධික මානසික ආතතිය නිසා මේ තත්ත්වය ඇතිවේ.

දරු ප්‍රසූතිය, ආර්තවහරණය වැනි හෝමෝන වෙනස් වීමේ තත්වයන් , විටමින් ච්, විටමින් ඒ, විටමින් ඕ12 වැනි පෝෂණ ඌණතා , විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු කරන ෂැම්පු සහ කොණ්ඩා විලාසිතා, හෙයා ජෙල් ඩයි භාවිතය, උපත් පාලන පෙති, පිළිකා මර්ධන ඖෂධ වැනි ඖෂධවල අතුරු ඵල සහ සමහර රෝගී තත්ත්වයන් නිසා ද හිසකෙස් අධිකව ගැලවී යාම සිදුවිය හැකිය.

මීට අමතරව අධික හිරු රශ්මියට සෘජුවම විවෘත වීම, නිතර උණු වතුර හෝ අධික ශීත ජලය ස්නානය, ක්ලෝරින් අධිකව යෙදූ නල ජලය භාවිතය, රාත්‍රී කාලයේ ස්නානයට පුරුදු වී සිටීම, හිස් වැසුම් වැඩි වේලාවක් පැළඳ සිටීමට සිදුවීමත් හේතු විය හැකිය.

සමබල ආහාර වේලකින් තොරව, කෘත්‍රීම ආහාර පාන සහිත ජීවන රටාවකට හුරුවීම නිසාද මේ තත්ත්වය ඇතිවේ.

 

හිසකෙස් ගැලවීයාම අවම කර ගැනීම සඳහා පිලිපැදිය යුතු කරුණු

සතියට තුන් වතාවක් වත් මෘදු පිරිසිදු කිරීම් කාරකයක් යොදා හිසකෙස් සෝදා හරින්න. හිස් කබල පිරිසිදුව තබා ගැනීමෙන් හිස්සොරි සෑදීම ද වළක්වා ගත හැකිය.

තවද තෙත කොණ්ඩය පීරීමෙන් වළකින්න. හිස පීරීම සඳහා (ඹඪඤඥ බධධබඩ ජධථඡ) දැති ඈතින් පිහිටි පනාව වඩා යෝග්‍ය වේ. පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර ලබා ගන්න. විටමින් ඒ හිසකෙස්වල ශක්තිමත් භාවය මෙන්ම දීප්තිමත් බව පවත්වා ගැනීමට ඉවහල් වේ. විටමින් ඡ් හිස්කබලේ රුධිර ගමනාගමනයට පවත්වා ගනිමින් පෝෂණය ලබා දෙන අතර විටමින් ඕ කේෂ කලාපයේ වර්ණය පවත්වා ගැනීමට උදව් වේ.

සතියකට වරක්වත් පොල්තෙල්, එඬරු තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් වැනි හිසට හිතකර ඖෂධීය තෙල් වර්ගයක් භාවිතා කර නිවැරදිව හිස සම්බාහනය කිරීම ඉතා වැදගත් වන අතර දිනපතා හිස ගැල්වීම සඳහා ත්‍රිපලා තෛලය, භෘංගාමලක තෛලය, කුමරි තෛලය වැනි ආයුර්වේද ඖෂධීය තෙල් භාවිත කළ හැකිය.

සමබල ආහාර රටාවකට හුරු වීමත්, හොඳීන් ජලය පානය කිරීමත් මඟින් මනා කෙස් කළඹක් පවත්වා ගෙන යාමට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා ගත හැකිය.

හිසකෙස්වල පෝෂණය සඳහා උදව්වන කෝමාරිකා, හාතාවාරිය අල, නෙලුම් අල, කීකිරිඳීය, මොණර කුඩුම්බිය, තම්පලා, කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, පුහුල් වැනි එළවළු හා පළා වර්ග ද, ඇඹරැල්ලා, නෙල්ලි, කෙසෙල්, දොඩම්, රටඉඳී, මුද්දරප්පලම්, තැඹිලි වැනි පළතුරු ද නිතර ආහාරයට ගැනීම, නීරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ.

දෙහි, උළුහාල්, නෙල්ලි, ගොඩපර තම්බා ගත් වතුරින් හිස සේදීමත් හිස් කබලේ බොහෝ රෝගයන්ට ගුණදායකය.

සුවපහසු නින්දක් ලබා ගැනීමත්, මානසික ආතතිය පාලනය කිරීමත් වැදගත් ය. ඉහත සඳහන් කළ යහපත් පුරුදුවලට අනුගත වීමෙන් හිසකෙස් සම්බන්ධව ඇති බොහෝ ගැටලු අවම කර ගැනීමට හැකි වන අතර ප්‍රතිඵලදායක ප්‍රගතියක් ලබා ගැනීමට නම් මාස 03 – 06 අතර කාලයක්වත් හිසකෙස් සඳහා අඛණ්ඩව සත්කාර සිදු කළ යුතුය.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.