වැරැදි ආහාර පුරුදු නිසා ඇතිවන අජීර්ණය

ඔක්තෝබර් 13, 2023

ඇඹුල් රස උගුරට ඒම, වමනය යෑම, දහඩිය දැමීම, උදරයේ වේදනාව, තොලකට වේලීම, අධික වෙහෙසකර බවක් ඇතිවීම, මළ බුරුල්ව ටිකින් ටික සැරෙන් සැරේට යෑම, බඩ පිපීමට පත්වීම, හිසරද තත්ත්වයක් ඇතිවීම, කෑමට පි‍්‍රයක් ඇති නොවීම, මළානික බවක් පෙන්නුම් කිරීම ආදී මූලික ලක්ෂණ කීපයක්ම අජීර්ණයක් ඇතිවූ විට පෙන්නුම් කෙරෙන බව රාජපුර වෙදමැදුරේ වෛද්‍ය සුමිත් රාජපුර වෙදමහතා පැවසීය.

 

වෙදමහතා එසේ පැවසුවේ මා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වෙද මහත්තයගෙන් දැනගන්න කැමැතියි. අජීර්ණය ගැන සමහරු කියනව දරුවට අජීර්ණයක් හැදිල, ආමරු වුණා කියලා. ඒ වගේම වැඩිහිටි අයත් කියනව අජීර්ණයක් හැදුණ හරිම ආමරුවක් වගේ තිබුණ බඩ පිපුණා බඩ ඇතුළු ගොර ගොර ගාන ශබ්දයක්. පොඩ්ඩක් කෑවත් බඩඑළිය යනව. ටික ටික බඩ රිදි රිදී ඒ නිසා බඩ පිරෙන්න කන්න බයයි. නිදිමත ගතිය වගේම ඇගේ තෙහෙට්ටු ගතියකුත් දැනෙනව කියල.

වෙදමහතා අජීර්ණයක් හටගන්න කරුණු කීපයක්ම බලපානව. පිළුණු වූ ආහර කෑම දින කීපයක් තිබී ආහාර කෑමට ගැනීම. ආහාරයක් ගත් පමණින් නැවත නැවත කෑමක් කෑදරකම නිසා ටික ටික කමින් ජලය පානය කිරීම, තෙල්බැදුම් ජාති කමින් වතුර පානය කිරීම, අජීර්ණයට හේතුවක් වන අතර, ඇස් ඉදිමීම, කම්මුල් ඉදිමීමද ඇතිවෙනව. එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වගේම සතුරුකම් කිරීමත් රෝගී තත්ත්වයට බලපානව. කටට ඇඹුල් රසය දැනීම එක්කම වමනය දැමීමටද සිදු වෙනව.

හදිසියෙන්ම මේ රෝගී තත්ත්වයට කෙනෙකු පත්වුණාම වෙද මහත්තයකු ළඟට යන කම් කළ යුතු සරළ ප්‍රතිකාරයක් කිවුවොත් හොඳයි වෙද මහතා.

සාදික්කා ගෙඩියක් දෙහි ඇඹුලෙන් ගලගා නටවා නිවාගත් මඳ උණුසුම් ජලයෙන් වරින්වර දීම ගුණදායකයි. සූදුරු කබලේ බැද කුඩුකර ජලය දමා උණුකර තැම්බෙන්නට හැර නිවා ටික ටික බීමට දීමත් හොඳයි. ඉඟුරු, තිප්පිලි ,වදකහ, පෙරුම්කායන්, සවිඳලුනු, කලාදුරු මේ ඖෂධ සමබරව ගෙන මුරුංගා පොතු යුෂින් සිනිඳුවට අඹරා එම යුෂබීමත් ගුණදායකයි.

නාගර තිප්පිලි, චිත්‍රක, හිංගුම් ප්‍රතිකරංජනරතකී සම්‍යක් සර්වමිදංපටි

චූර්ණා ශම්ගම් පාන ජඨරාගණී දීපනම්

නාගර, සිද්ධිගුරු, පිප්ඵලී, පිප්පිලි වගපුල් , චිත්‍රක, රත්නිටොල් මුල්,

හිංගු, පෙරුම්කායම්, ප්‍රතිකරංජ, කරද ඇට හරතකී, අරළු, සමගත්,

සමභාග ගෙන මදක් බැඳ මේ බේත් හැම චූර්ණකර බිලාල පාදයක් උණු දියෙන් දියකර බීමෙන් සියලු අජීර්ණා ගුණ වෙන නාගරාදී චූර්ණයයි මෙය

සවින්ද සදාදුරු අසමොදගං තිප්පිළි හැම මේ ඖෂධද ත්

එකින් එකට වැඩි කරගත් බෙහෙත් බරට අරළු සුනු ත්

අඹරා උදයේ වළදව මන්දාගති බඩ පිපුම ත්

නැති කරවා මේ චූර්ණයෙන් ගුණකරවයි අජීර්ණය ත්

 

සිද්ධිගුරු මිරිස් රසදිය පුෂ්කර ගෙන්දගන් මේවා කලඳ කලඳ බැගින් ගෙන ජයපාල තුන් කලඳක් ගෙන ඇල්දියෙන් පැය හතක් තබා අඹරා කඩල ප්‍රමාණයට ගුලිකර සෙවණේ වියළා ගුලියක් ගෙන පොල්, පොල්හකුරුවලින්ද දීමෙන්ද ඇල්දිය බීමෙන්ද විරේචනය වේ. උණුදිය බීමෙන් නවතී. මින් මුත්‍රාවිකාර, කුෂ්ඨජ්වර, අජීර්ණ, අධික බඩ රුජා, මන්දාගනී ආදී සැම ගුණවේ. ශරීරයට සුවදායකත්වයක් දැනේ.

 

කේසර බැබිල මහ ඖෂධ බෙලිමුල

සමගින් අරගෙ න

සතර සතර කලද අර න්

දෙ සතර තලා සොදි න

වතුර එලෙස වත්කරමි න්

කෂාය දැනන කකාරමි න

විසද අරුචිය විත් ඉසර ද

වායු අජීර්ණත් දුරු වෙ න

 

අරළු, බෙලි මුල්, තිප්පිලි සතර කලද බැගින් ගෙන දිය සයක් දමා දෙකට සිදුවා හාල්මිටක් දමා කැඳ පිස බීමට දීමෙන් අජීර්ණය මෙන්ම වමනයද නවතී. සවිඳ ලුණු පෙරුම්කායම්, අරළු, පිප්පලී කලං තුන බැගින් ගෙන උණුවතුරෙන් අඹරා බීමට දීමෙන්ද අජීර්ණ සුවවේ. වදකහත් කළඳක් ගෙන ලුණු ටිකක් දමා බැඳ චූර්ණාකර උණුවතුරෙන් දීමෙන් අජීර්ණය මෙන්ම වමනේද නවතී. සූදුරු කබලේ බැද කුඩුකර තම්බා එම ජලය වරින්වර ටික ටික බීමට දීමෙන් අජීර්ණය සුවවේ. මිරිස්, .සිද්ධිගුරු, වගපුල්, අරළු සිවිය, පිලූ මගුල්කරද, බෙලිමුල් එකලං සතර බැගින් ගෙන දියකර එකට කකාරා උදය බීමට දෙනු. අග්නි මන්ද, බඩ පිපුන්, අරුචි, අජිර්ණා, අතීසාර ගුණවේ.

අතිවිඩයං, පෙරුන්කායන්, වදකහ, අරළු, යවාකර මුල්, තිකටු මෙකී බේත් තුන්තුන් කලඳ ගනු. අජීර්ණයට යහපති. අජීර්ණයෙන් බඩයනවාට සාදිලිංගම් රත්නෙටොල් සීරැස්ස මුල් කලඳ කලඳයි. සාදික්කා, කරාබු, වසාවාසි ,කංකුං කලඳයි. සවිදව, කුරුදු පොතු, කංකුං කලඳයි, අසමොදගම්, සිද්ධිගුරු පස්පස් කලඳයි. මේකී දේ අඹරා අමුමිරිස් ඇට පමණ ගුලිකර පවනේ වියළා ගුලියක් සීනියෙන් දෙනු. උණුවතුර බීමට දෙනු. අජීර්ණයෙහි අතීසාර ගුණවේ. ඔලිඳ කොළ රසකිඳ කොළ, ඇසළ කොළ ගෙන වතුර ඔක්කොම ලිප තබා කකාරා සියඹලා කොළ ගෙන කොටා ඉස්මගෙන එයට එක්කොට හාල්පිටි හා පොල්කිරි හකරුලා කැඳ පිස දෙනු , උණ ,වමන, අජීර්ණ ගුණවේ.

දරුවන්ට අජීර්ණ ඇතිවීමට හේතුවන්නේ වැඩිහිටියන්ගේ නොසැලිකිලිමත් භාවයයි. සමහර දෙමාපිය වැඩිහිටියන් දරුවන්ට ක්ෂණික කෑම වර්ග ලබාදීමෙන් අනතුරුව දරුවන් ගේ ඉල්ලීම පරිදි අයිස්පලම්, අයිස්චොක්, චොක්ලට්, හෝ ලොසින්ජරත් වෙනත් කෑම ජාතියක් වුවද අරන් දෙයි. බොහෝවිට කෑම ජීර්ණය වීමටත් පෙර වරින් වර ගන්නා ලද කෑම නිසා අජීර්ණ තත්ත්වයන් ඇති කෙරේ. දින දෙක තුනක්ම ශීතකරණයේ තබා තිබූ බොහෝ කෑම ජාති දරුවන්ගේ ආහාරයට එක්කිරීමද අජීර්ණ තත්ත්වයන් ඇතිවීමට තවත් හේතුවකි.

කෑම කෑ හැටියේ මළ එළියට යෑම වරින්වර ටික ටික බඩඑළිය යෑම, බඩ රිදෙමින් බඩ එළිය යෑම එතරම් සුවදාක තත්ත්වයක් නොවේ. අජීර්ණ අවස්ථාවකදී අරළු, බෙලිමුල්, තිප්පිලි, සතර කළද බැගින් ගෙන දිය සය දෙකට සිදුවා සහල් මිටක් දමා කැඳ පිස දෙනු. අජීර්ණ නවතී. මීටම සවිඳලුණු පෙරුම්කාය, අරළු, තිප්පිලි මෙ හැම තුං තුං කලද ගෙන උණුවතුරෙන් අඹරා ඉස්ම දෙනු අජීර්ණය ගුණවේ.

අජීර්ණය නිසා කෑමට පි‍්‍රයක් ඇති නොවේ. එවැනි අවස්ථාවලදී වලඟසාල්, තිප්පිලි, සවිඳලුණුූ, ඉඟුරු, අසමොදගම්, මිරිස්, පෙරුම්කායම්, සමබරව ගෙන අඹරා උණුවතුරෙන් සිනිඳුවට අඹරා එම යුෂ කළතා බීමට දීම ගුණදායකය. වඩාත්ම ගුණදායක උදේට බීමට දීමයි. අජීර්ණය නිසා බඩ යනවා නම් මාදිලිංගම්, රත්නෙටොල් ,හීරැස්ස මුල් කලද කලඳයි, වසාවාසි, සාදික්කා, කරාබු තුනු තුන් කලඳයි. සවිඳව කුරුඳුපොතු තුංතුං කළඳයි. අසමොදගම්, සිද්ධිගුරු, පස් පස් කලඳයි මෙකී බෙහෙත් අඹරා අමුමිරිස් ඇට පමණ ගුලිකර පවනේ වියළා ගුලිකර සීනියෙන් දෙනු උණුවතුර බොනු.

 

 

බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.