වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක ජලය පරිහරණයේ වටිනාකම විවිධ ආකාරවලින් පැහැදිලි කරන මුත් ආයුර්වේදයේ හා දේශීය චිකිත්සාවන්ගේ මේ තත්ත්වය වඩාත් අවධාරණය කර ඇති බව අප...
2023-09-14 18:30:00
නොයෙකුත් රසකාරක යෙදූ ආහාරවලට වැඩිහිටියන් මෙන්ම වර්තමාන සමාජයේ යොවුන් පරපුර වගේම දරු දැරියන් ද දක්වන්නේ පුදුම ආශාවකි. රයිස් වර්ග, කොත්තු වර්ග,...
2023-09-07 18:30:00
ගයානි – නීතා, අපි හතර දෙනාම යමුද බෙහෙත් ටිකක් ගන්න.නීතා, මොකට ද බෙහෙත් ගන්නෙ.ලලනි – ඇයි අපි කිවුවෙ අක්කගෙ ඇඟේ බිබිළි දාපු එකට වෙද මහත්තයට...
2023-09-07 18:30:00
රක්තවාතය හෙවත් වාත රක්තය කියන්නේ ගැහැනු පිරිමි බාල මහලු බේදයකින් තොරව අද බොහෝ දෙනකුට තිබෙන බෝ නොවන ගණයේ රෝගී තත්වයක්. නමුත් මෙහි සැබෑ තත්ත්වය ගැන...
2023-09-07 18:30:00
කායික මෙන්ම දැඩි මානසික වේදනාවක් ගෙන දෙන අර්ශස් රෝගය ආයුර්වේදයේ හඳුන්වා ඇත්තේ අර්ෂ යනුවෙනි. මෙම රෝගය මාරාන්තික රෝගයක් නුවූවත් රෝගය වැලඳුණු විට ප්...
2023-08-31 18:30:00
අංශභාගයේදී මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් අප්‍රාණික වන බව පසුගිය සතියේ අපි කතාබහ කළා. අංශභාගය වැලඳුණු රෝගියකු රැකබලා ගන්නා අන්දම...
2023-08-31 18:30:00
පාසල හැරී මල්ලි සමඟ ගෙදරට ආ නදීෂා අම්මා අම්මා කියමින් ගෙට ගොඩවූයේ මහත් කලබලයෙනි.ඒ ඇසූ අම්මා එළියට ආවේ මොකද දරුවෝ කියමිනි. නදීශා අම්මේ ටීචර් කිවුව...
2023-08-31 18:30:00
අද ලොවම මුහුණ දී ඇති පාලනය කර ගත නොහැකිව පවත්නා ගැටලුව වී ඇත්තේ සෞඛ්‍යයයි. මේ තත්ත්වය වසංගත සමයන්හි දී කෙතරම් බරපතළ වන්නේද යන්න රාජ්‍යයන්ගේ...
2023-08-24 18:30:00
අපි වෙද නෝනා මුණගැහෙන්න ආවේ ප්‍රතිකාරයක් වගේම උපදෙස් ටිකක් ලබාගන්නා යැයි කීවේ නිර්මලාය. මෙහිදී සචිනි කීවේ ඔව් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ...
2023-08-24 18:30:00
අංශභාගය (Stroke) යනු ඕනෑම කෙනෙක් විඳීන්න අකමැතිම රෝගී තත්වයක්. අංශහාගයට ගොදුරු වන රෝගීන් බොහෝ දෙනකුට ජීවිත කාලයම එක්තැන්ව ඇඳකට වී කාලය ගෙවීමට හෝ ප්...
2023-08-24 18:30:00
ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය කියන්නේ අද කාලේ බෝ නොවන රෝග අතර ඇති ප්‍රධාන රෝගයක්. අද ඒ ගැන මුල ඉඳලා දැනගනිමු.ගැස්ට්‍රයිටිස් යන්න...
2023-08-17 18:30:00
ඉරුවාරදය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?ඉරුවාරදය එහෙමත් නැත්නම් Migraine කියන්නේ ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම යන රෝග ලක්ෂණ සමඟ හටගන්නා තදබල...
2023-08-10 18:30:00
අතීතයේ රෝග මර්දනය කළ ක්‍රම ගැන අවධානය යොමු කළ විට අපේ මුතුන්මිත්තන් පරිසරයෙන් ලබාගන්නා දේ යොදාගෙන රෝග මර්දනය සඳහා ස්වාභාවික විෂ බීජ නාශක නිපදවාගන්නා...
2023-08-03 18:30:00
මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි අසාත්මිකතා එහෙමත් නැත්නම් ඒතතඥපඨර කියන්නෙ. සෞඛ්‍ය කාර්යමණ්ඩල නොවන අයට නිසි අවබෝධයක් නැති මාතෘකාවක්...
2023-07-27 18:30:00
ඇවිද්ද පය දහස් වටී යන්න පැරැණි ප්‍රචලිත කියමනකි. සාමාන්‍ය ජීවිතයට දෙපා කොතරම් වැදගත්ද යන්න අප හොඳීන් දන්නා කරුණක් වන නමුත් දෙපා පිළිබඳ නිසි අවධානයක්...
2023-07-20 18:30:00
ජීවයේ අඛන්ඩතාවය සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය කරුණකි. මනුෂ්‍යයා ඇතුළු සියලු තිරිසන් සතුන්ගේ පවා අඛණ්ඩ පැවැත්මට ප්‍රජනනය අත්‍යවශ්‍ය වන අතර ඒ තුළින් තම...
2023-07-20 18:30:00