ශක්ති ශරීරය හා සුවතාව

සැප්තැම්බර් 29, 2023

අපගේ භෞතික ශරීරයත් සමඟ බැඳී පවත්නා ශක්ති ශරීරය හෙවත් ඕරාව පිළිබඳව මෑතක සිට අපේ ලාංකේය සමාජයේත් කිසියම් උනන්දුවක් ඇති වී ඇති බව පෙනේ. එසේම ශක්ති ශරීරයත්, භෞතික ශරීරයත් අතර පවත්නා සුවිශේෂ සම්බන්ධතාව ශාරීරික හා මානසික සුවතාව කෙරෙහිද ඍජුව බලපාන බව ද අද වන විට පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ තත්ත්ව යටතේ නීරෝගවත් ජීවිතයකට ශක්ති ශරීරය බලවත් කිරීම අතිශයින් වැදගත් වන බව තහවුරු වී පවතිනා බැවින් මේ සඳහා වූ විවිධ ක්‍රමවේද පිළිබඳව අපගේ ගැඹුරු අවධානය යොමු කිරීමද අත්‍යවශ්‍ය කරුණකි.

බොහෝ දෙනා ශක්ති ශරීරය බලවත් කර ගැනීම සඳහා සුවිශේෂ ගැඹුරු භාවනාවල අවශ්‍යතාව විවිධාකාරයෙන් පැහැදිලි කොට ඇතද ඉන් මෙපිට ඇති සරල පහසු ශිල්පක්‍රම පිළිබඳව එතරම් අවබෝධයක් හෝ අවධානයක් ඇති බවක් නොපෙනේ. මේ නිසා එවැනි විග්‍රහයක් අද සමාජයට අත්‍යවශ්‍යවම තිබේ.

පළමු කොටම අපගේ භෞතික ශරීරයේ පවත්නා විවිධ රසායනික දේහි පවත්නා විෂ සහිත ගුණයන් වෙතින් ශක්ති ශරීරයට වන හානිය කෝස්ටික් සෝඩා, මුහුදු ලුණුූ ආදිය භාවිතයෙන් අවම කර ගත හැකි බව පෙන්වා දිය හැකියි. සෝඩා – ලුණු මිශ්‍ර ද්‍රාවණයකින් සිරුර වරින්වර පෙඟවීමෙන් පවා මෙකී ශක්ති ශරීරයේ පවත්නා ඍණාත්මක ස්වභාවය යටපත් වී ශක්ති ශරීරය බලවත් වේ.

ඍණ අයන විමෝචනය කරන සමහර ශාක කොටස් (White Sage)දවා දුමාරය සිරුරෙහි වැදීමට සැලැස්වීමෙන් සිරුරේ පවත්නා අශුභ ශක්තීන් ඉවත්ව යන අතර, ඒවායෙන් නිකුත් වන සුගන්ධය චිත්ත සන්තානයේද ශාන්තිය මිශ්‍ර ප්‍රහර්ෂයක් ඇති කරයි. මේ තත්ත්වයේ නිසල ප්‍රතිඵලය ලෙස ශක්ති ශරීරය පවිත්‍ර වීමත්, බලවත් වීමත් සිදු වේ.

ළා නැවුම් හිරු එළියට වැඩි වැඩියෙන් ශරීරය විවෘත කොට තැබීමෙන් ඝනීභූත වූ අශුභ ශක්තීන් හා අහිතකර විෂ ද්‍රව්‍ය ඉවත්ව යෑම සිදුවීමෙන් ශක්ති ශරීරය බලවත් වීමට පටන් ගනී.

පෙර කී ලුණු ජලයේ ගිලීම, ස්නානය කිරීම, පිහිනීම ආදිය නිසාත් ශක්ති ශරීරයේ පවත්නා අශුභ ශක්තීන් ඉවත්ව ගොස් ශක්ති ශරීරය බලවත් වීම සිදු වේ. එහිදී වඩාත් සියුම් වූ ලුණු කුඩු සිරුරේ ආලේප කරමින් මැරුණු සම ඉවත් කිරීමට ක්‍රියා කිරීමත් ශක්ති ශරීරය බලගැන්වීමට මහත් සේ උපකාරි වේ.

බොහෝ දෙනාගේ විශ්වාසයක්ව කාලාන්තරයක් පවතින සීතල වැසි ජලය ස්ථානනය යහපත් අයුරින් භාවිත කිරීමට ක්‍රියා කළ යුතුවේ. ඒ සඳහා නියඟයෙන් පසු වැටෙන මුල් වැස්ස අත්හැර සුළඟින් වඩාත් සියුම් කරන ලද බිඳිති සහිතව යම් කෙටි කාලයක් තෙමෙමින් සිටීම ඍණ ආරෝපණ සහිත අවකාශයක ලබන ස්වභාවයේදී (ව්චබභපධනචබඩර) ප්‍රතිකර්මයක් වේ. මෙය දිගින් දිගටම කළ යුතු නොවෙතත් කලින් කලට යොදා ගත හැකි ශක්ති ශරීරය බලගන්වන සුවිශේෂ ක්‍රමවේදයකි.

විවිධ ශබ්ද භාවිත කරමින් ශක්ති ශරීරය බලවත් කිරීම කාලාන්තරයක් තිස්සේ භාවිත කරන ක්‍රමයකි. මෙහිදී තිබ්බත ගායනා, ගායන පාත්‍ර (ඉඪදඨඪදඨ ඕධඹත) වාදනය ආදියෙන් ‘ඕම්’ ‘වාම්’ ‘ලාම්’ ‘යාම්’ ආදී මන්ත්‍ර සජ්ඣායනයද මේවා අතර ප්‍රකට ක්‍රමවේද වේ. මෙහිදී විවිධ වාදන භාණ්ඩ මෙන්ම ජලය වැටෙන හඬ ආදී ස්වභාවික හඬවලට සවන්දීම මෙන්ම විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුතු සුවිශේෂ කෘත්‍රිම හඬවල් භාවිතයද අද ශක්ති ශරීරය බලවත් කර ගැනීම සඳහා යොදා ගන්නා බව පෙනේ.

විවිධ පාෂාණ වර්ග භාවිත කරමින් ශක්ති ශරීරය බලවත් කිරීම පහසු ක්‍රමවේදයකි. මෙය දුර්වල ශක්ති ශරීරයන් නිසා පීඩාවට පත්ව සිටින්නන් මෙන්ම රේකී (අඥඪඬඪ) ප්‍රාණීය (ර්‍ථපදචඪජ) ආදී සුව කිරීමේ ක්‍රමවේද භාවිත කරන්නන් විසින් ඒ කාර්ය වඩාත් බලවත් කර ගැනීමට යොදා ගන්නා අතර එහිදී අතිශයින් සාර්ථක හා එහි සාර්ථකත්වය බටහිර විද්‍යාත්මක මෙවලම් ඇසුරින් පෙන්වාදිය හැකි බවද දැනුවත් වීම වැදගත් වේ.

අද භාවිතයේ ඇති බොහෝ විද්‍යුත් උපකරණ විසින් පරිසරයේ ඇති කරන විද්‍යූත් මීදුම (ඡ්තඥජබපධ ඵථධඨ) හෙවත් ධන ආරෝපිත අයන සමූහය නිසා ශක්ති ශරීරය මහත්සේ වියවුලට පත්වේ. මේ තත්ත්වයෙන් හැකිතාක් මිදී කටයුතු කිරීමටත් කඩින්කඩ හෝ ස්වභාවික පරිසරය ඇසුරු කිරීමත් මඟින් බිඳ වැටෙන ශක්ති ශරීරය යළි යළිත් අලුත්වැඩියා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට සිය ශක්ති ශරීරයේ බලවත් බව අඛණ්ඩව රැක ගත හැකි වනු ඇත.

විවිධ සුවඳවත් (වාෂ්පශීලි) තෙල් වර්ග භාවිතයෙන් හිතේ සන්සුන් බවත් අතිශයින් ප්‍රායෝගිකත්වයෙන් යුතුව ක්‍රියා කිරීමට අවශ්‍ය මනෝභාවයන් ප්‍රවර්ධනය කෙරෙන අතර ශක්ති ශරීරයේ බලවත් බවද ඇති වේ. මෙවැනි තෙල් මෙන්ම මල්වල සාරයද නින්දේදී උදරය ආශි‍්‍රතව ආලේප කිරීම මඟින් විස්මිත ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ගොඩනඟා ගත හැකි වේ.

විශේෂයෙන් පොදුස්ථානවලදී හමුවන විවිධ පුද්ගලයන්ගේ ඇති දුර්වල ශක්ති ශරීරයන්ට හා විෂ සහිත පීඩාකාරී ප්‍රභාවනට සංවේදී වෙමින් එවැනි අහිතකර පුද්ගලයන්ගෙන් ඈත් වීමෙන් තම ශක්ති ශරීරයට වන පීඩාව අවම කර ගත හැකි වෙයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවා අප වෙතින් ශක්තිය ගලා යෑමෙන් අපගේ ශක්ති ශරීරය දුර්වල වීමට පටන් ගැනීමට හැකියි. එහිදී දැවැන්ත වෘක්ෂ ඇසුරින් ලබා ගන්නා එවැනි ස්වභාවික ශක්තිය ලබා ගැනීමට හුරුවීමද අතිශයින් වැදගත් වේ. ඒ ආකාරයට බාහිර ශක්තිය ලබා ගැනීමද අපහසු නොවන බව මැනැවින් වටහා ගත යුතුව තිබේ.

මෙසේ ශක්ති ශරීරය බලගන්වා ගත් පසු එහි විශේෂිත ශක්ති කේන්ද්‍ර හෙවත් චක්‍රද අක්‍රිය කර ගත යුතු වේ. ඒ සඳහාද විවිධ ක්‍රමවේද රැසක් භාවිත කළ හැකියි. ඒ අනුව අපගේ එදිනෙදා ජීවිතයේ ශාරීරික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික යන සියලු ජීවිතාංග සාර්ථකත්වය කරා පහසුවෙන් ගෙන යා හැකි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.